Friday, November 8, 2013

පුංචි සමනලියේ...

මට ඔයාව මතක් වෙනව... හරි හරියට මතක් වෙනව.... ඒත් ඔයාට මාව මතකයිද මට හිතෙනව.. දන්නවද එක දවසට සිය පාරකට වැඩිය මට ඔයාව මතක් වෙනව කියල...ඒ අපේ ලස්සන දවස් වලට ලෝබ කමින් මං හූල්ලනව කියල... ඔයා දුර ගියපු තරම.... ආයෙමත් හම්බවුනෙත් නෑ මට..... ඔයා මට හම්බවෙනකොටත් මම කවි ලියනව... අදත් ලියනව... මං එදත් ලිව්වෙ ඔයාට..... අදත් මං ලියන්නෙ ඔයාට... ඔයාට කියවන්න ලැබෙන්නෑ කියල  මං දන්නව..... එදා වගෙම අදත් මං ලියන්නෙ ඔයාට.... ඒත් අද වෙනසක් තියෙනව.... ඉස්සර මං ලියපුව මුලින්ම කියෙව්වෙ ඔයා.... ඒවගෙ වැරදි කියල හරිගැස්සුවෙත් ඔයා... ඒගෙ කැත ලස්සන කිව්වෙ ඔයා...මං තවත් ලියනව... ඔයා ගැන.. ඔයාට නෙමේ.. මට.. හිතේ දුක අඩුවෙයි කියල හිතාන ලියනව....

 ඔයාට මතකද ඒ දවස් වල මං ලියන කවි එකතු කරල පොතක් හදමු කීවා.... ඒත් ඒ හීනෙත් හීනයක්ම වුණා... ඒහීනෙට පණ දෙන්න කෙනෙක් නැති වුණා... දැං මං බ්ලොග් එකක් ලියනව... මාස දෙකකුත් වෙනව.. මං දන්නව ඔයා දන්නෙ නැ කියලත්.. ඔයාට කවුරුවත් ඒක කියන්නෙ නෑ කියලත්... ඒත් දවසක ඔයා මේක අනිවාර්යෙන් දකියි.. මට ඒ ගැන විස්වාසයි... මං එදත්ආදරේ කළෙ ඔයාට... තාමත් ඒ ආදරේ එහෙමමයි... ඔයාගෙ තැන ගන්න කෙනෙක් මේ අවුරුදු ගානටම මට හම්බවුණෙ නෑ... පිළිගත්තත් නොගත්තත් ඒක තමා ඇත්ත... මට වෙන කෙනෙක් ගෙන් ඔයාව හොයා ගන්න බෑ...මං දන්නව ඒක මහ පිස්සු කතාවක් වගේ ඔයාට පේන්න පුළුවන්.... ඒත් මල් සුවදට ඉව අල්ලන පොඩි එකෙක් වගේ මගෙ හිත ඔයාගෙ සුවදම හොයනව...... ඔයාගෙ සුවදම ඉල්ලනව.....  ඔයාගෙ  ඔය ලස්සන හිනාවම හොයනව.... මං තවත් ඔයාටම ආදරය කරනව.... ලැබෙන්නෑ කියල දැන දැනත් ඔයාටම ආදරය කරනව.... මට හිතෙනව දවසක ඔයාව මට හම්බවෙයි.... දකින්න හරි හම්බවෙයි.... එදාටත් ඔයා දකී ඔයාගෙ පලවෙනි ආදරේ තවත් ඔයා වෙනුවෙන්ම බලා ඉන්නව කියල.. මට ඔයාගෙන් එක දෙයක් ඉල්ල්න ඕනෙ...එදාට මට ඔයාට මේ හැමදේම කියල හිත හෑල්ලු කරගන්න පුංචි අවස්තාවක් දෙන්න.....ඒ ඇති මට හොදටෝම....


සත්තමයි 
මට අඩන්නට හිතෙනවා
මේ තනි කමට 
මට බයක් දැනෙනවා
ආදරය ගොළුවෙලා
හිත හඩා වැටෙනවා
ඔයා නැති නිසා ළග
පාළුවක් දැනෙනවා......
හරි ආදරෙන් සමනළුන්
මල් පෙති අතර හිද
පෙම් කවක් ගොතනවා
මගේ සමනලිය සහිවී
නෙත කදුලකින් තෙමෙනවා....
ඔයා ගිය තරම් දුර
එන්න මට හිතෙනවා
ඒ වුණත් හිත බයයි
නුඹ මගේ නොවෙ නිසා
වලාකුල් අතර දිලි
පුර හදට පෙම් කරනවා.....

4 comments:

  1. ee matada ban meka liuwe?fatta macho..mage frnd kenekge acc1.well done.sanju

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ උඹද බං..
      ඔව් ඔව් එහෙම තමා

      Delete