Friday, March 14, 2014

ගොදුර

ගොදුරක් සොයා
ඉගිල ගිය
ලිහිණි තෙම
විල් දියෙහි දගලන
මාළුවෙකු දැක
ගොදුරු ලොබින්
ඊසර වේගයෙන්
පහළට පැන්නේ
..
..
..
ගොදුර ඇසිල්ලකින්
ඇමක් වූ කල
තාද ගොදුරක් විණැයි
හොට අග සිරව සිටි
මාළුවා පුරසාරම්
බිණුවේය..........

39 comments:

  1. සැහ්! මරු නේ..

    අවි ගත්තෝද
    නැසෙන'යුරු අවියෙන්
    ගොදුරු සෙවුවෝද
    නැසෙත් ගොදුරෙන්

    ReplyDelete
    Replies
    1. ආහා... තේරුම නං හිතුණ වැරදී....
      ස්තූතියි අදහස් දැක්වුවාට

      Delete
    2. එහෙමද? ඉතිං ගොදුරක් හොයන්න ගිහින් ගොදුරක් වෙනව නෙමේද?

      Delete
    3. මේකනෙ කතන්දරේ මාත් ඒ ගැන හිතුවෙ නෑ... ඔයා හරි... ගොදුරක් හොයන්න ගිහින් ගොදුරක් වෙනව ඒක ඇත්ත... ඒත් ගොදුර හැමදාම අපිම වෙන එකයි තියෙන ප්‍රශ්නය..
      ස්තූතියි... ඔබ හරි... කියපු දේ වටහා නොගත් කේස් එකක් වුනේ

      Delete
    4. ම්ම්.ඔවු නේ..අපි ගොදුර වෙන එක ගැන හිතුනෙ නෑ නේ..ගන්න ගන්නෙපා මචං ( උපුටා ගැනීම මාතලං සෑර්ගෙන්)

      Delete
  2. දිඨ්ඨ ධම්මවේදනීය කර්ම....

    කවි පද ටික නියමයි..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත විදානෙ... මේක නං දිට්ට දම්ම වේදනීය කර්මයක්ම තමා

      Delete
  3. ශා.. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංගය්යා

      Delete
  4. ටිකක් වෙනස් විදියක කවෙ සිතුවිල්ලක්..බලාගෙන ගියාම මේකෙ මාලුවත් මරාගෙන මැරෙන සතුරෙක්!

    ReplyDelete
  5. නියම සිතුවිල්ලක් මහේෂ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානු අක්කෙ

      Delete
  6. ඕක ජීවිතේ ගොඩක් තැන් වලදි ආදර්ශයට ගන්න පුලුවන්.. :)

    ReplyDelete
    Replies
    1. ඒත් එහෙම ගන්නෙ නැති එකනෙ අවුල

      Delete
  7. ඔ්ක ඉතිං කොහොමත් වෙන එකනෙ!

    ReplyDelete
    Replies
    1. හිහි... ඒක නං ඇත්ත... වෙන තරමට ආදර්ශයක් නොගන්න එකයි අවුල

      Delete
  8. හ්ම්ම් ගොඩක් තැන් වලට ආදේශ කරලා බලන්න පුළුවන්.

    ReplyDelete
  9. මට මේ කවි පන්තිය කියවද්දී උම්මග්ග ජාතකය මතක් උනා. මොකද ඒ ශෛලීය නිසා. අපේ කාලෙත් ඊට සමාන රචකයෝ ඉන්න එක සුභ ලකුණක්.

    ReplyDelete
    Replies
    1. හෑ... අනේ එච්චර නං හං හොද නෑ... ස්තූතියි ඔබට

      Delete
  10. වෙනස් සිතුවිල්ලක් මහේශ්...ලස්සනයි!

    ReplyDelete
  11. ලංකාවේ මාලුවෙක් වෙන්ටෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඒත් ඔබට මේක තේරුණාද සැකයි

      Delete
  12. හරියට හරි මේ චන්ද කාලෙනෙ.

    ReplyDelete
    Replies
    1. අප්පේ ඇත් යන්තං තේරිච්ච එක්කෙනෙක් හරි ඉන්නව... හුරේ ජයවේවා

      Delete
  13. අදහස නම් මරේ මරු.
    ඒත් මට මෙහෙම හිතෙනව. ඔතනදි මාළුවාට සුළු මොහොතකින් නිදහස ලැබෙනව නේද. වෙඩිල්ල වැදුනම කුරුල්ල මැරිල වතුරට වැටෙනව. මාළුව නිදහස්. :)

    ReplyDelete
    Replies
    1. අවුල කියන්නෙ මාලුව මෙතන වැදගත් නැති එකයි... මෙතන වැදගත් කුරුල්ලයි... පිංතූරය දිහ බලල අදහස ගන්න එපා... ඒක නිකං ඇඩ් කලේ... යම් සමාන තාවක් ඇති නිසා... හැලපය්යගෙ කමෙන්ටුව කියවලා යමක් හිතන්න..

      ස්තූතියි මෙහෙ ආවට චන්දනය්ය... එන්න හැමදාම... සාදරයෙන්ු පිලිගන්නව අවන්හලට

      Delete
  14. හැලපෙගේ කමෙන්ට් එකත් එක්ක ගලපගත්තාම වැඩේ තේරුනා. තරු අරණ කියනවා වගේ ඒ ශෛලියට හුරුයි තමයි. නියමයි මහේෂ් දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ අය්ය... බලමු සතතාභ්‍යසය කියන දේ තියෙනකං අපි හොදින් නිර්මාණ කරයි...
      ස්තූතියි දිරිගැන්නුමට

      Delete
  15. උඹත් කරකවල අත අරින ඒවනේ බං ලියන්නෙ ...
    කමෙන්ට්ස් ටිකත් කියෙව්වම තමයි කැරකිල්ල නැවතුනේ...
    ටොප් දිගටම අපිව ලෙසටම මේ වගේ අතරමං කරහන්.... ජය...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කේනජය්යෙ... පට්ට ස්තූතියි...
      ඔයාල ඇවිත් මාව මෙහෙම දිරිගන්වන හින්ද මිසක් මට මේ තරං හොදට ලියන්න අමාරු වෙයි

      Delete
  16. හැමදේටම පොදු දෙයක්..

    ReplyDelete
  17. Replies
    1. ඔබට බොහොමත්ම ස්තූතියි

      Delete
  18. පියා මැස්සෝ..
    නුඹේ පියපත්..
    මුදුයි සුමුදුයි
    හස පියාපත් වලට වැඩියෙන්...



    ReplyDelete