Monday, June 30, 2014

ගුණාත්මක උපසිරැසි කරණයට යම් මග පෙන්වීමක්.

                                                            පහුගිය සතියෙ Revolver Rani චිත්‍රපටයට උපසිරැසි දීපු වෙලාවෙ කීප දෙනෙක්ම ඇහුව කොහොමද උපසිරැසියක් සිංහලට පරිවර්තනය කරන්න කියල. ඒ පිළිබදව ලිපියක් ලියන්නම් කියල පොරොන්දු වුණ හින්දයි අද මේ ලිපිය ලියන්නෙ.. ඉස්සරෝම කියන්න ඕන දෙයක් තියනව. ඒ තමයි මම මේ සම්බන්ධව ඉගන ගත් දෙයක් පමනයි ඔබට ඉදිරිපත් කරන්නෙ.. ඒ කියන්නෙ අන්තර්ජාලය තුල මට සොයාගත  හැකිවූ සහ මා විසින් ඉගන ගත් දේ පමණයි. එබැවින් මෙහි  යම් ගැටළුවක් ඇතිවුනොත් ඒ ගැන සැකයකින් තොරව මගෙන් අහන්න. මා දන්නා පරිදි කියා දීමට සූදානම්..

                                                           සාමාන්‍යෙයන් අන්තර්ජාලය තුල විවිධ නම් වලින් සහ ෆෝමැට්  වලින් උපසිරැසි ගොනු දක්නට පුළුවන්. වඩාත්ම ප්‍රචලිත උපසිරැසි වර්ග තමයි  srt, හා idx/sub කියන්නෙ. මෙයින් srt උපසිරැසි ගොනු තුල වෙනස් කම් කළ හැකි වුවත්  idx/sub තුළ එවන් වෙනස් කම් සිදු කල නොහැකියි. සත්‍ය කතාව නම් එය සිදු කල හැකි වුවත් කළ යුත්තේ මෘදුකාංගයක් ආධාරයෙන් වීම. එය ඇත්තටම සංකීර්ණ ක්‍රියාවලියක්. අප උපසිරැසි යොදන්නෙ වෘත්තීමය වශයෙන් නොවන නිසා ම් ඒ ගැන පවසා ඔබව වෙහෙසන්න කැමති නෑ. (කම්මැලි නැති හිංද නෙවෙයි හොදේ)

                                                        එහෙම නම් අපි බලමු කොහොමද srt උපසිරැසි ගොනුවක් සිංහලයට පරිවර්තනය කරන්නෙ කියල. ඊට පළමු ඔබ සතුව තිබිය යුතු දේවල් කිහිපයක් තිබෙනවා.

                                                       සිංහල යුනිකෝඩ්( සාමාන්‍යෙයන් උපසිරැසි කරණය සදහා භාවිතා වෙන්නෙ ඉස්කෝල පොත යුනිකෝඩ් එක. ඔබ දැනටමත් දන්නා ආකාරයට එය එන්න සියබස වෙබ් අඩවියේ Sinhala Tamil IME  මෘදුකාංගය හරහා. එසේ නොමැතිව ඇති ඉස්කෝල පොත අකුරු මෝස්තරය(font) තනිව ක්‍රියා කරවිය නොහැකියි.  එහෙත් ඔබ භාවිතා කරන්නෙ Windows 8.1 සංස්කරණය නම් එහි සිංහල හා ඉංග්‍රීසි Language Bar 1  මගින් වෙනස් කර ගත හැකි නිසා වෙන මෘදුකාංගයක්  අවශ්‍ය නෑ.)

                                                      ඔබ සිංහල ලියනය කරන්නෙ සිංග්ලිෂ් ක්‍රමයට නම් ඔබට උපසිරැසි ගොනුව තුල එක වරම වෙනස් කම් කළ නොහැකියි.  එවිට ඔබට සිදුවෙනවා වර්ඩ් මත හෝ නෝට් පෑඩයක් මත අවශ්‍ය පරිවර්තන කාර්යය සිදුකර එය නැවත කර උපසිරැසි ගොනුවේ කරගන්නට. (ඒක නං මහකරදරකාර වැඩක් වගේ නේහ්--- එහෙනං යුනිකෝඩ් පුරුදු වෙන්න වෙයි)

හරි දැන් පටන් ගමු.

1. ප්‍රථමයෙන්  ඔබට අවශ්‍ය උපසිරැසි ගොනුව තෝරාගන්න.

--ඔබ ටොරන්ට් මාර්ගයෙන් බාගත කිරීම් කරනව නම් චිත්‍රපටය හා උපසිරැසි ගොනුව එකටම ඇති බැවින් එහි synchronize  ප්‍රශ්න ගැන වද විය යුතු නැහැ. නමුත් ඔබ බාගත කරන ටොරන්ට් ගොනුවේ  උපසිරැසිය නැතිනම් හෝ ඔබ බාගත කරන්නේ සෘජු බාගත කිරීමේ සබැදි තුළින් නම් බොහෝ දුරට ඒ සමග උපසිරැසි ගොනුව අඩංගු නොවන නිසා ඔබට අදාල වීඩියෝ පටයට නිසි ලෙස වෙන උපසිරැසිය සොයාගත යුතු වෙනවා.
--මෙහි synchronize  යනු චිත්‍රපටයේ හඩ පෙළ හා වදන් පෙළ සමපාත වීමයි. එනම් වදන් පෙළ අදාල වේලාවට පසු හෝ පෙර දර්ශනය නොවිය යුතුයි කියන එක.
--මේ සදහා හොදම උපසිරැසි අඩවි කිහිපයක් දැක්වෙන සබැදියක් පහත දක්වා තිබෙනවා.(මම දැනට භාවිතා කරන්නෙ සබ් සෙන්ස්)

හොදම උපසිරැසි අඩවි
   
2. දැන් ඔබ තෝරාගත් උපසිරැසි ගොනුව මත Right Click කරන්න.

 3. Open With යන්න තෝරා Note Pad යන්න තෝරා ගන්න.

 --දැන් උපසිරැසි ගොනුව Note Pad යක් මත විවෘත  වේවි.
--එය මේ ආකාරයෙන් දිස්වේවි.

උපසිරැසිය සිංහලයට පරිවර්තනය කරන්නට ප්‍රථම හෝ කරගෙන යමින් අතර තුර එය සුරැකි කළ යුතුයි. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.

1. FileàSave Asà
එවිට විවෘත වන නව සංවාද කොටුවේ පහත වෙනස් කම් සිදු කරන්න.

2. File Name යන්න වීඩියෝ පිටපතේ ඇති නම ලබා දෙන්න
-- මෙහිදී උපසිරැසි ගොනුවේ හා චිත්‍රපටයේ නම සමානව තිබීම අනිවාර්යය යි.

3. Save as Type යන්න txt හෝ all files ලෙස ලබා දෙන්න.
--ඔබ පරිවර්තනය කරන උපසිරැසි ගොනුව සිංහල උපසිරැසි ලබාදෙන වෙබ් අඩවියක් හරහා අන්‍යයන් හා බෙදාගැනීමට බලාපොරොත්තු වේ නම් Save as Type එක txt ලෙස තිබීම සුදුසුයි.

4. Encoding එක UTF-8 ලෙස ලභා දෙන්න. Save as Type යන්නට පහතින් ඇත්තේ Encoding යන්නයි.

5. දැන්   Save කරන්න.

ඉතා වැදගත්. ටයිම් ලයින් හි දැක්වෙන ඩයලොග් හැර ඉලක්කම් වලින් දැක්වෙන කිසිවක් වෙනස් නොකරන්න වග බලා ගන්න.

ඉහත දක්වා ඇත්තේ උපසිරැසියක් පරිවර්තනය කිරීමේදී අනුගමනය කළ යුතු මූලික පියවරයන්ය. එහෙත් නෝට් පෑඩයක් මත උපසිරැසි පරිවර්තනය කිරීම කරදර කාරී යැයි හෝ අපහසු යැයි හැගේ නම් මා පහත දක්වා ඇති මෘදුකාංගය බාගත කරගන ඔබේ කාර්යය ඉටුකරගන්න. එවිට ඉහත දක්වා ඇති සියළු පියවරයන් මග හැරීමට හෝ නොසලකා හැරීමට ඔබට පුළුවන්.

දැනට සිංහල භාෂාව සදහා හොදම සහයක් දක්වන එකම මෘදුකාංගය මෙය වන අතර මෙයට වඩා හොද මෘදුකාංග තිබුණද ඒවා සිංහල සදහා සහය නොදැක්වීම කණගාටුවට කරුණකි. (නැතහොත් උපසිරැසි කරණය මීට වඩා පහසු වන්නට ඉඩ තිබිණ)


ඉහත දක්වා ඇති සබැදිය හරහා එම මෘදකාංගය බාගත කරගන්න. එම අඩවියේ ඉන් ප්‍රයෝජන ගන්නා හැටි පැහැදිලිව කියා ඇති බැවින් ඊට වඩා දෙයක් නොකියමි.

මේ ටිකත් කියවන්න.

1.       කිසිවිටෙක වීඩියෝ පිටපත නොබලා උපසිරැසි යොදන්නට එපා. මන්ද යත් බොහෝ විට උපසිරැසි ගොනුවේ ඇති වදන් පෙළ වැරදි විය හැකි බැවිනි. (මේ සදහා ඔබට Subtitle Edit මෘදුකාංගය භාවිතා කරන්නට පුළුවන්)
2.       වචනයෙන් වචනය උපසිරැසියට පරිවර්තනය නොකරන්න. එසේ කළ විට ඉන් ලැබිය යුතු අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වීම හෝ වැරදි අදහසක් ලැබීමට පුළුවන්.
3.       නිතරම සම්පූර්ණ උපසිරැසියම සිංහලයට නගන්න. එනම් වදන් පෙලේ නම් ගම් ඇත්නම් ඒවාද නිවැරදිව උපසිරැසියට නගන්න.
4.       වදන් පෙළ එක දිගටම ලිවීමෙන් වළකින්න. පෙළ දිග වැඩි වීම උපසිරැසි නරඹන්නාව අපහසුතාවට පත්කීරීම මෙන්ම ඔහුට වීඩියෝ වේ ඇති දසුන් මගහැරීමට පුළුවන්.
5.       දෙදෙනෙකුගේ දෙබස් එකම පෙළ මත ඇත්නම් ඒ පේලී වෙන්කර දැක්වීමට හයිපරය(-) යොදාගන්න
6.       මව් උපසිරැසියේ ඇති කොමා තිත් හයිපර් හෝ වැදගත් එවන් සළකුණු නිසි ලෙස නැවත සටහන් කිරීමට වග බලා ගන්න.
7.       අසැබි වදන් පිටපතේ ඇත්නම් ඒවා ඇතුලත් කිරීමේදී යම් සැලකිල්ලක් දක්වන්න. මන්ද ඔබ විසින් උපසිරැසියට නංවන වදන් කුඩා දරැවන් නැරඹීමට ඉඩ ඇති බැවිනි


ගුණාත්මක උපසිරැසි නිර්මාණය පිළිබද සම්මතයන් පිළිබද  මෙමඅඩවියේ ඇති  සටහන්ද වැඩිදුර කියවන්න

    
ඔබ සිංහලට නංවන උපසිරැසිය අන් අය හා බෙදාහදා ගැනීමට කැමතිනම් පහත සටහන පිළිබදව සැළකිළිමත් වන්න.

2.       ඔබ තෝරාගත යුත්තේ සැම විටම BR Rip,DVD Rip හෝ WEB Rip යන Format වලින් යුතු වීඩියෝ පිටපත්ය.
3.       ටොරන්ට් ගොනුවට අදාල සිඩර්ස්(Seeders) ලා ප්‍රමාණය හැම විටම ඉහල අගයක් ඇති ටොරන්ට් ගොනු තෝරාගන්න
4.       දැනට එම උපසිරැසි අන් අයෙක් විසින් සිංහලට නංවා නැති බව හෝ මේ වන විට අන් අයෙක් එය සිංහලට නැගීමට බාරගෙන නොමැති ව තහවුරු කරගන්න.

ඒ සදහා

යන විද්‍යුත් ලිපින භාවිත කරන්න ඔබට පුළුවන්

උපසිරැසි නිර්මාණය හා බෙදාහැරීම සදහා වන තොරතුරු මේ ප්‍රමාණවත් ය. මේ පිළිබදව ගැටළු ඇත්නම් මා වෙත යොමු කරන්න.
රූපවාහිණිය භාවිතයෙන්, ජංගම දුරකතනය භාවිතයෙන් උපසිරැසි සහිතව චිත්‍රපට නැරඹීම
ටොරන්ට් පිළිබදව
දැනට ඔබට ලැබී ඇති වීඩියෝ පිටපත හා උපසිරැසිගොනුව නැරඹීමට යාමේදී සමපාත නොවේ නම් කළ යුතු දේ පිළිබද සාකච්චා නොකලෙමි. හේතුව ඒවා සාමාන්‍ය දැනුම වන බැවිනි.


ඉහත සටහන නිර්මාණය සදහා මාගේ දැනුමට අමතරව බයිස්කෝප් අඩවියේ ඇත් යම් කරුණු මෙන්ම ඔෆ්කොම් අඩවියේ ඇති සටහන්ද භාවිතා කළෙමි.





43 comments:

  1. සතුටුයි ලිපිය ගැන....

    අැත්තටම ෙම් විදිහට සබ් දානවාය කියලා දැනගත්ෙත් දැන්... ඉතින් ඒ් ගැන කියලා දුන්නට වග්ම ගුරුමුෂ්ටිය නැතුව ඒ්ක කට්ටියට ම කියලා දුන්නට ස්තූතියි............

    අැත්තට ම වටිනා ලිපියක්.....................

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගුරු මුෂ්ටි නෑ...
      හිහි...
      ස්තූතියි කුරුටු...
      මෙය ප්‍රෙයා්ජනවත් වුණා නම් ඊට වඩා සන්තෝසයි

      Delete
  2. නොදන්න දෙයක් ඉගෙනගන්න පුලුවන් ගොඩක් වටිනා ලිපියක්.අද තමයි මෙහෙම සබ් දාන විදිය දැනගත්තේ.ස්තූතියි මහේෂ්

    ReplyDelete
    Replies
    1. මෙ ඔබේ පළමු පැමිණිම නේද අවන්හලට..
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට..
      ඔබ දෙයක් ඉගෙන ගත්තා නම් ඒක තමයි සතුට..
      ස්තූතියි පැමිණියාට...
      එන්න මේ පැත්තට හැමදාම

      Delete
  3. වටින ලිපියක්! ස්තූතියි!!

    ReplyDelete
    Replies
    1. Welcome බස්සි.
      ලිපිය ප්‍රයෝජනයක් උනා නම් මට සතුටක්

      Delete
  4. බ්ලොග් එකක් කරන එක අම්මප පට්ට ලේසියි නේ බං..

    ReplyDelete
    Replies
    1. ැයි දේශක තුමා. මොකද්ද අවුල. මං මොනාහරි මගෑරලද. නැත්නම් ලිපිය ප්‍රයෝජනවත් නැද්ද. මොකක් හරි අවුලක් නම් කියන්න. මන් පුලුවන් තරමට නිවැරදි කරන්නම්

      Delete
  5. බයිස්කෝප් අඩවිය හරහා මේ පිළිබඳ දළ අවබෝධයක් ලබල තිබුනා. ෂර්ලොක් හෝම්ස් කතාවක් සහ එක්ස් ෆයිල්හි එක කොටසක් මේ විදියට පරිවර්තනය කරන්න මාත් උත්සාහ කලා. පුදුම සතුටක් දැනෙනවා එහෙම අපි ලියපු උපසිරැසි එක්ක ආයෙ බලනකොට. ඒත් ඒකනම් මහ පුදුම නීරස දුෂ්කර කාර්‍යක්. ඒත් ලියපු ටික ප්ලේ වෙනකොටනම් දැනෙන සතුට කියාගන්න වචන නෑ.

    ඇත්තෙන්ම මහී කියන්න වගේ කවදාවත් සබ් ෆයිල් එක බලාගෙන ඒක කෙලින්ම ට්‍රාන්ස්ලේට් කරල නම් සාර්ථක උපසිරැසියක් නිර්මාණය කරන්න බෑ. එන්නෙ කොහෙටවත් නැති අදහසක් එතකොට. ඒ නිසා අනිවාරෙන්ම කතාව නරඹන ගමන්මයි මේ වැඩේ කරන්න වෙන්නෙ.

    මේක හරිම වෙහෙසකාරි වැඩක්. ඒකයි මං කලින් රිවෝල්වර් රාණි ෆිල්ම් එක මහී සබ් කරල ගෙනාව වෙලාවෙත් කිව්වෙ, ඔබ මේ කරන්නෙ මහා සමාජ මෙහෙවරක් කියලා. ඇත්තෙන්ම කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව මේ ගන්න මහන්සියට මල් පුදන්න වටිනවා. එක වතාවක් ඔබත් උත්සාහ කරල බලන්න. එතකොට තේරෙයි මේක කොච්චරනම් අමාරුද කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූති මචෝ උඹේ වචන ටිකත් මට හයියක්.
      සබ් කරන්න දැගලුවනම් දන්නව ඇති නෙ අමාරුව.
      ඇත්තම කියනව නම් මනෝ අපි සබ් කරන ෆිල්ම් බැලවෙන්නෙ නැති තරම්. මොකද අපිට එහෙම සබ් කරපුවාම ෆිල්ම් එකේ රසයක් නැතිව යනව. ඒක තේරුම්කරන්න අමාරු හැඟීමක්.

      ස්තූතියි මචෝ උබේ අකුරු ටිකට

      Delete
  6. ලිපිය වටිනවා වුණත් දුක මට මුකුත් පැහැදිලි නෑ (ඒ ඉතින් මගේ ගතිය;) )

    ReplyDelete
    Replies
    1. පැහැදිලි නැහැයි කීවෙ ඇයි. මන් ලියල තියෙනවිදියෙ අවුලක්ද. කියන්න. දන්න තරමට සරලව කියන්නම්

      Delete
    2. නෑ ඒක එයාගේ හැටියක්.. උඹ වැඩිය හිතන්න එපා..

      Delete
    3. හිහි
      ඔයා කියනව නං ඇත්ත වෙන්න ඇති නෙව දිනේෂ් අය්ය

      Delete
    4. එයාගෙ මොලේ කියන එක නැහැලුනේ..

      ඒක ඉතාලි යවලා..

      Delete
    5. ඔහැක්
      ඒක වෙන්නත් පුළුවං

      Delete
  7. අපි වගේ තාක්ෂනික බොහි කියවන්නෙ නැති උන්ට මෙක වැදගත් ,මමයි තව කොල්ලෙකුයි එකතු වෙලා මෙක කරන්න ගියා කලින් එපා උනා බන් උඹට කියන්න ,උඹ මෙ බොගි කරන ගමන් මේ වගේ වැඩ කරන එක අගය කරන්න ඕනෑ වැඩක් බයිස්කෝප් එකේ මේ ගැන ටිකක් කියවලා තිබුණා ,උඹේ ස්මරණ නැති එක ගැන බලවත් මෙව්වා එක ඈ

    ReplyDelete
    Replies
    1. ස්මරණය නම මේ දෙවන සතියද කොහෙද...
      ඒක නං මටත් අප්සට්...
      ස්තූතියි සහෝදර...

      Delete
  8. බොහොම ස්තුතියි මහෙෂ්. මම හිතුවේ නෑ srt file, notepad එකෙන් අරින්න පුලුවන් කියලා. කොහොමත් මම ඔය සිංහලෙන් සබ්ටයිටල් දාන වැඩේ නම් කරන්න අදහසක් නෑ කොහෙත්ම. මම ඉස්සෙල්ල කිව්වා වගේ මම සබ්ටයිටල් කියවන්නත් කම්මැලියි.

    ඒ වුනත් වැඩේ අල්ලලා දුන්නට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. යමක් ඉගෙන ගත්ත නම් ඒ මගේ සතුට...
      ස්තූතියි

      Delete
  9. මේ සබ්ජක්ට් එක ගැන උනන්දු කීප දෙනක් ඉන්නවා... ඒ අයට මේ ලින්ක් එක දෙන්නම්..

    ජය වේවා!!!!...

    ReplyDelete
    Replies
    1. කාට හරි ප්‍රයෝජනවත් වේ නම් එපමනයි

      Delete
  10. මම කලින් වතාවකත් කොහේ හරි තැනක කියෙවුවා මේ සබ් දාන විදිහ ගැන.. බැළු බැල්මටනම් ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට පුරුදු උනාම අවුලක් නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක පුරුදු වුණාම ඒ කරන්න ඕන වැඩ ටික ඔටෝම වෙනව...

      Delete
  11. වැඩේ පට්ට සීරියස් වගේ තේරුණාට බැහැලා බැලුවම ලේසියි වගේ. මේ ගැන උනන්දු උන්ව දැනුවත් කරන්නම්.

    උඹ ගුරු මුට්ටිය තියාගන්නැතිව බෙදලා දුන්නට තෑන්ක්ස්.

    ReplyDelete
    Replies
    1. ගුරු මුට්ටි තියන් මේ වගේ වැඩ කරන්න බෑ ප්‍රියා...
      කාට හරි ප්‍රයෝජනයක් න්න පුළුවන් නමං සතුටක්...
      ස්තූතියි උඹට

      Delete
  12. හුඟක් වටින ලිපියක්. ස්තූතියි තොරතුරු වලට ...

    ReplyDelete
    Replies
    1. ඔබට ප්‍රයේජනවත් වුණා නම් සතුටුයි

      Delete
  13. මට නම් මේවා ලැටින් වගේ :
    කාටහරි ප්‍රයෝජනවත් වේවීනේ.

    ReplyDelete
    Replies
    1. හිහි...
      හුග දෙනෙක්ට එහෙමලු

      Delete
  14. කෝ අනේ අර ස්මරණ කතාව? දැන් ලියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ලියනව ලියනව...
      මේ දවස් ටිකේ ටිකක් විතර බිසී වුණා..
      බලමු ඊලග සදුද වත් ලියන්න

      Delete
  15. බොහොම ස්තුතියි දරුවො. කලින් පෝස්ටුවෙ ඉල්ලිම ඉෂ්ඨ කලාට. ඉතාම වටින ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔබට මෙය ප්‍රයෝජනවත් වුණා නම් මට සතුටක්...
      ස්තූතියි අදහස ප්‍රකාශ කලාට

      Delete
  16. මේ වැඩේ කරලා බලන්න ආසයි. අපි හිතමුකෝ මෙහෙම. අර ඉංග්‍රීසි අදහස කොහොම කරත් සිංහලෙන් ලිව්වම ටිකක් දිග වැඩි වෙනවා. එහෙම වුනාම තිරයේ දිස්වන වෙලාව වෙනස් කලොත් දිගටම ඒ වෙනස ඉදිරියට ගෙනියන්න වෙනවා නේද? නැත්නම් උප සිරැසි දෙකක් එකවර පෙනෙන්න ඉඩ තියනවා නේද? මේකට විසඳුමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ටයිම් ලයින් හදල තියෙන එක්ක හදන්න බෑ... එහෙම වුනොත් කතාවට අනුව පෙල සමපාත වෙන්නෙ නෑ... ඒ හිංද තමා සමහර දිග වාක්කිය පේලි දෙක්කටඇරං තියෙන්නෙ..සමහර විට පේළි තුනකට කැඩෙනව ඒත් ටයිම් ලයින් යවනස් කරන්නෙ නෑ...
      මොකද එහෙම වුනොත් එන අදහස වරදින්න පුළුවන් හිංද...
      අනික තමා ගොඩක් දිග වාක්‍යයක් වුණත් ඒකෙ තියෙන නම් ගම් හැර අදහස කෙටි කරල ගන්න පූලුවන්.. එහෙම වුනා කියල කතාවට බාධා වෙන්නෙ නෑ..
      විචාරක තුමාට අපහැදිලි නම් අහන්න ඕන දෙයක් කියල දෙන්නං

      Delete
    2. ටයිම් ලයින් එකක් හදන හැටි කියලා දෙන්න පුලුවන්ද?

      Delete
    3. පරක්කු වුණාට සමාවෙන්න විචාරක තුමා...
      ඊයෙ දවසම මම ඩියුටි...
      මට එක්ස්ප්ලේන් කරන්න ගොඩක් වෙලාව නෑ...
      ක්‍රම දෙකක් කියන්නං..
      මං දීල තියෙන සබ්ටයිටල් එඩිට් සොෆ්ට්වෙයා එක යූස් කරල පුළුවං..
      ඒක ටිකක් ලේසියි..
      අනෙක් ක්‍රමට තමා
      වීඩියෝෆයිල් එක ඕපන් කරගෙන ඒකෙ දෙබස් අහගන කරන එක
      මං අර උඩිං දීල තියේ නේද පිංතූරයක්.. සබ් පයිල් එක නොට් පෑඩ් එකෙන් ඕපන් කරපුවාම කොහොමද කියල
      ඒකෙ 1 2 3 4 කියල තියෙන්නෙලයින් අනු පිළ වෙල...
      යටින් තියෙන්නෙ
      ඉස්සරෝම පැය
      ඊළගට විනාඩි
      ඊළගට තත්පර
      ඊළගට තත්පරයක් අනුකොටස් වලට බෙදල
      ඒකියන්නෙ අර ස්ටෝප් වොච් එකේ කේස් එකම තමා...
      එහෙම හදන්නෙ වදන් පෙලහරියටම කතාවත් එක්ක සමපාත වෙන්න...

      මේ වීඩියෝව බලන්න
      https://www.youtube.com/watch?v=kZ0o7l3HFrA

      මදි ඒක නං..
      මේ ටිකත් බලන්නකො
      http://www.ehow.com/how_6901846_create-srt-file.html

      මෙතන තියේ හොදටම
      http://www.funbutlearn.com/2012/09/how-to-create-movie-subtitles-with.html

      මෙතනත් නරකම නෑ...
      http://www.moviecodec.com/subtitles/how-to-make-srtsub-files-48747/

      මං ඔවයින් තමා ඉගනගත්තෙ...
      වෙන කෙනෙක්ට දෙන්න දෙපාරක් හිතනව මොකද ඉංග්‍රීසි හංද...
      ඔබ තුමාට ඒ භාෂාව පුළුවන් නෙව...
      එහම නං ආයෙ මං සදුද... එන්නෙ මොකක් හරි වෙන ප්‍රශ්නයක් තිබ්බත් අහන්න...
      මේ ගැන වුණත්...
      මොකද හදිසියට ලීවට මට සැටිස් නෑ මේ දීප්‍ු උත්තරේ ගැන

      Delete
  17. හුඟක් වැදගත් ලිපියක් මල්ලි.ඔයාට පුළුවන් නම් idx/sub සහ ssa එඩිට් කරන්න පුළුවන් විදිහක් කියන්න.සංකීර්ණ වුණාට කමක් නැහැ.තියෙනවා නම් කියන්න.

    ReplyDelete