Monday, May 5, 2014
Tuesday, April 22, 2014
මරණයක මළගම - 2
කලිං කොටසකියවන්න බැරි වුණාද... මෙතනිං යන්න
ආනේ..... අර
බලන්නකො සුදේ.... ලස්සනට ඩෙකරේෂන් කරල හදල තියෙන අර වේවැල් ෆර්නිචර් ටික... ෂෝයි
නේ...
නර්මදා ...
අපි යන්නෙ මේ මළ ගෙදරක....වෙන කාගෙවත් නෙවී මගෙ තාත්තගෙ මළගෙදර... මේ දවස් ටිකට
වත් ඔය විකාර ඔළුවන් අයින් කරගන්න බැයිද ....
මළ ගෙදරක යනව
කියල හොස්ස එල්ල ගෙන යන්නයැ...
ඇයි දැං
තමුසෙට ඕන බෑන්ඩ් ගහන්නද....
පුහ්....
මහලොකු තාත්ත.... මතකනෙ අපේ තාත්ත නැති වුණ වෙලාවෙ....
ඇයි මං මොකද්ද
කරපු අඩු පාඩුව.... තමුසෙගෙ අර කුණු ලෝබ අය්යල මල්ලිල ටික එක සතයක් වියදං කරාද...
ඔක්කම මම නෙවේද කරේ........... හුහ් මහලොකු වංසෙ.... හොදා කබල් ගාන්න..
Friday, April 18, 2014
මරණයක මළගම...
ඈත අහසේ සරනා
වැහිළිහිණියන් දෙස බොහෝ වෙලාවක් තිස්සේ බලාගෙන හුන් ජයලත් මැණිකේ බර සුස්මක් පිට
කලාය. දැන පැය දෙකක් තිස්සේ ම ඈ රෝහල් කොරිඩෝවේ වූ සිමෙන්ති කණුවකට බර දී ගත් ගමන්
තාම එහෙමමය... සාරි පොට දෑතට හිරකරගෙන ඈත
අහසේ සරනා වැහිළිහිණියන් දෙස බලා වුන්නේ උන් දෙස බලා සිටීමට තරම් නිස්කාංසුවක්
හිතේ තිබූ නිසා නොවේ. වානේ බරුවක් තරම්
බරට හිතට එබෙන්නට වූ තනිකම මකාගන්නට අවැසි යැයි සිතුණ නිසාය... ඒ හැගීමට ඈ බියවූ
නිසාය. බණ්ඩාර මහත්තයා අසනීප වී කීප දොහක්
වූවත් මේ තරම් මරණාසන්න වූයේ නොවේ... එහෙව් එකේ හදිසියේම සිදුවූ මේ අබග්ගයෙන් ඈ
හෙල්ලී ගොස් සිටියාය. නෙත් මානයේ සැරි සරමින් වුන් ළිහිණියන් රෑනෙන් එකෙක්
හදිසියේම රැළ බිදගෙන ඈතට පියාඹනවා ඇගේ නෙතට හසුවිය.. ඌ පසුපස තත්පර කිහිපයක් තරම්
යැයි හැගෙනා වෙලාවක් පැන්නූ අනෙකුන්, යළි කිසියක් සිදු නොවූවා සේ නැවතත් පුරුදු පරිදිම අකාසය වටේ කරක් ගහන්නට
විය.. නොබෝ වෙලාවකින්ම අර රැහෙන් මිදී පියාසර කල ළිහිණියා ඇගේ දර්ශන පථයෙන් මැකී
ගියෙන් හිතට තවත් බරක් එක් විය... ඒ මන්දැයි සිතාගැන්මට තරම් නිනව්වක් ඇගේ සිතට
නොවීය...
Friday, April 11, 2014
පුර පසෙක නොවී නුඹ අවපසෙක සද වුණා....
Friday, April 4, 2014
නෙල්ලි-05 මගෙ අමුතු කතා(ii)-- ඒලියන් බෑග්...
ලක්දාස් එකේ
හිච්චි කෙල්ලො ටිකත් පහුකරන් වේගෙන් වේගෙන් ඇවිත් වැව රවුමත් පාස් කරන් වැව රවුමට
හැරෙන තැන අලුතින්ම හදාපු මුස්ලිම් පල්ලියත් පාස් කලා... ඒ වෙලාවෙ තමා මට මතක්
වුණේ අපි පංති එන්න පටං ගන්න කාලෙ මෙහෙම පල්ලියක් තිබ්බෙ නෑ කියල... මං ඒක තරිදුවට
කිව්ව හම ඌ මරු උත්තරයක් දුන්න..(මා මිතුරාගේ අකමැත්ත නිසාම බොහෝ සිදුවීම් වාරණය
කර ඇති බව සලකන්න)ඇත්තටම අපේ උන්නෙ එකමුතුව නං අංතිමයි කියල මට හිතුණෙ ඒ වෙලාවෙ...
මොකද අපේ අය මෙහෙම උදව් කරනව අඩුයි නෙව.. පල්ලියත් පහු කරන් රහීම්ස් එක ගාවටම
ඇවිත් මං තරිදුවගෙ මූණ දිහා බැලුවෙ ඒ පැත්තට යං කියල කියන්න වගේ... ඌ නිකං කරත්තෙට
අහුවෙච්ච කජු ලෙල්ල වගේ මූණ හදාගත්ත හිංද මං ඒඅදහස අතෑරල දැම්ම... අපරාදෙ ගියා නං
දාඩිය නිවෙනකං ඒසී එකට වෙලා ඉන්න තිබ්බ මගෙ හිත කීව... හ්ම්.... මාත් හූ මිටි තියන
ගමන් තලය පස්සෙන්ම වැටුණ...
Saturday, March 29, 2014
මගෙ සුසුමක් වැදී වෙන්නැති දුවේ කළුගල හෙලවුණා...
Monday, March 24, 2014
සීමාවන්ට අභියෝග කළ දඟකාරිය......
Wednesday, March 19, 2014
නෙල්ලි-05 අමුතු කතා(i) - පේෂල්
ලෙක්චර් එක
ඉවර වෙන වෙලාවත් පැනල... ඒත් සර්ට ඒ ගැන වගේ වගක් නැති පාටයි... ඉර අව්ව වැටිල
ක්ලාස් එකේ වහලෙ රත් වෙලා ඒ රස්නෙ ඉස් මුදුනටම වදිනව... මට එහායින් හිටිය නිසංසලා නිදිමතේම පත සයිස් ඈනුමක්
ඇරිය... ඒක දැකපු තරිදුව නිසංසලාගෙ පිට
මැද්දට දේයි ගාල අත් පාරක් අතෑරිය... මූණ පරණ ටාට බස් එකකට අහුවුණ දෙහි ලෙල්ලක් වගේ කරගත්තු නිසංසලා තරිදුව දිහ බැලුව....ඒ පාර
ඌ මොකුත් දන්නෑ වගේ ඩෙස් එකට ඔළුව තියං නිදි... ඒ දිහා හිනා වෙවී බලං හිටපු මට තමා
බැස්ටිය හම්බුනේ....’’මහේෂ් තමුසෙට
ලැජ්ජ නැද්ද කෙල්ලන්ට ගහන්න.... ‘’’මේ මෙන
මරාලයක්ද අප්පා... එහෙමෙයි කියල මොනව කරන්නද කියල හිතාගත්තු මම කරබාගත්ත... එහා
පැත්තෙන් ඉදගෙන නාමලයයි ඉන්දිකයයි ඩෙස් එකේ ඔළුව ගහන් හිනා වෙනව... නෙද්දකිං මුං
වගේ අපත යාළුවො සෙට් එකක්...
Friday, March 14, 2014
Tuesday, March 11, 2014
ලාභ මිනිසුන්ගෙන් වටිනාකම් අපේක්ෂා නොකරන්න....
මා බ්ලොග් ලොවට පිවිස මාස ගණනාවක් ගතවී ඇති මුත් මා හට අමතක නොවුණ මුත් අතපසු වූ යමක් ගැන තිරන්තරයෙන්ම මසිත පෙලුවේය... එහි ප්‍රතිඵලයක් ලෙස සටහන් වන මේ සිංහල අකුරු කීපය කුඩා කල පටන් මා සිතේ ජීවමාන සිතුවමක් ලෙසින් සිටින්නාවූ ඒ මිත්‍ර රත්නයට උපහාර පිණිස සටහන් කරන්නට සිතුවේ බැරි වීමකින් හෝ ඔහු මේ සටහන කියවන්න යැයි වූ ප්‍රාර්ථනාවද පෙරදැරිවය..
Subscribe to:
Posts (Atom)





