Wednesday, February 9, 2022

ස්මරණ 19 - කැලෑ කුමාරි , කහ කුරුල්ලෝ, පාං බාග සහ කලම්බෝ රයිඩර්

මේ පිංතූර ඔක්කොම ගත්තෙ ශ්‍රී ලංගම බස් වියුණුවෙං. ලිංකුව මැද ඇති

        ඒ
1998 වසර විය යුතුය. පාසැල් වෑන් රියෙන් පාසැල් ගිය ගමන අතැර ගමෙන් ටවුමට යන බස් රථයේ පාසල් යන්නට පටන් ගත්තේ 98 වසරේ වග මගේ මතකයයි. 1998 මට කෙඳිනක හෝ අමතක නොවන මතකයක් ඉතිරි කළ වසරකි. මා හිතාදර චූටි මාමා ජයසිකුරු මෙහෙයුමෙන් අප හැර දා යන්නේ ඒ වසරේ ය. එහෙත් මේ කතාව ඒ ගැන නොවේ. මේ බස් කතාවකි. කොටින්ම කියනවා නම් ලංකාවේ හුදී ජනයා බස් ආගමක් සේ අදහන්නට පටං ගත්තේ මේ යුගයෙන් පසුව බව මගේ අදහසයි.

Wednesday, January 26, 2022

අලුත් ස්ටවුට් එකයි මගේ ඉරිදාවයි..


            තීරු ලිපි එකතු කියන්නෙ මම සාමාන්‍යයෙන් කියවන ජාතියෙ පොත් නෙවෙයි. ඒකෙ තේරුම මම තීරු ලිපි වත්, තීරු ලිපි එකතු වත් නොකියවන කෙනෙක් කියල නෙවෙයි. කියෙවෙන්නෙ කලාතුරකින් වගේ තමයි. හරියට යාලුවෙක් එක්ක  හවසකට පොඩියක් චිල් වෙන්න හිතුනම යාලුවගෙ බ්‍රෑන්ඩ් එකට මාරු වෙන්න ඉඩක් දෙනව වගේ.  සාමාන්‍යයෙන් පත්තරයක් ගත්තම දේශපාලන ලිපි හැරුණාම අතේ රෝල් ආටිකල්ස් පවා කියවන මට තීරු ලිපි මඟ නොඇරීම තවත් හේතුවක්. විශේෂයෙන්ම මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ගෙ පැණි වළලු, මහාචාර්ය සුන්දර නිහතමානිද මැල් මහතාගෙ මානිගෙ තීරුව වගේම වෛද්‍ය බෝධිනී සමරතුංගගෙ සායනික සටහන් නොවේ කියන්නෙ එහෙම කියවපු තීරු ලිපි. ඒ අතරිනුත් පොත් හැටියට පළවුණ පැණි වළලු, සායනික සටහන් නොවේ වගේම ගයාන් අබේසිංහ ගෙ ඇස් තෙත් කළ මතක, රංජිත් කුමාර සමරකෝන්ගෙ හුස්ම ගන්න අකුරු වගේ තීරු ලිපි එකතුත් මගෙ පොත් එකතුව අතරෙ ඉන්නව. 

Saturday, January 1, 2022

විශිෂ්ටයෙකු ගේ ආරම්භය - Pele Birth Of A Legend



Minor Spoiler Aleart

            පේලේ කිව්වම කවුද නොදන්නෙ.. නේද. පාපන්දු පුරාවෘතයක් වන ඔහු හෝ ඔහු සම්බන්ද සිද්ධීන් අලා නිර්මාණය වී ඇති චිත්‍රපට බොහොමයක් තියෙනව. වර්තමාන බ්‍රසීල ඇමතිවරයෙක් වන ඔහු 1958 දි, ඒ කියන්නෙ පේලේට අවුරුදු 16 ක් වෙද්දි, බ්‍රසීලය දිනාගත් ප්‍රථම පාපන්දු ලෝක ශූරතාවය බ්‍රසීලය වෙනුවෙන් දිනා දීමට ප්‍රබල කාර්යය භාරයක් සිදු කළ ක්‍රීඩකයා යි. 1958 බ්‍රසීලයට සුවිශේෂ වෙන්නෙ පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලය විසින් ස්වීඩනය පරදවා ලබා ගැනීම විතරක් නොවෙයි. 1958 ලෝක ශූරතාවය තමයි යුරෝපියානු භූමියකදී යුරෝපීය නොවන රටක් පාපන්දු ලෝක ශූරතාවය දිනාගත් පළමු අවස්ථාව වෙන්නෙ.

Wednesday, December 22, 2021

ස්ටවුතියාව - 05 ශාරධා ii


 සිව්වන දිගහැරුමට

"ඕහ්.. මම ශාරදා... අනික එයා බැන්දෙ ඔයාව නෙවීනෙ. අර මූකලං බස්ස නේ.. මොනවට හිතනවද. ඊටත් සත්‍ය ප්‍රේමවන්තයෙක් වගේ හැසිරෙන්න ඕන නං එයාගෙ හිත හැදෙයි කියල වත් හිතල ඔයා මේක කරන්න ඕන..."

ඈ උවනත  බරපතල ස්වරූපයක් ආරූඪ ව ය. හාස්‍යමය සේයාවකුදු නොමැත්තීය.  මා දෙස නෙත් අලවා බලා උන්නී මොහොතකින් ගිනිකඳුමය සිනාවක් අවකාශය පුරා පා කරමිනි. මා ආකූල ව්‍යාකූල කරමිනි. 

Saturday, December 18, 2021

ඇ මරණය පිළි නොගත් වෑ දිය කියූ කව

 



 

සියක් සියපත් නිදන විල් තෙර

තනිව හිඳ දුර අහස විමසන

කිරිලියකි පියපත් සිඳී ගිය

ප්‍රේමයක මහදුක් දරාගෙන..

Sunday, December 12, 2021

ආතර් රජ්ජුරුවන්ගෙ රාජ සබාව පැත්තෙ යංද..!!

          

Warning - Minor spoiler Aleart.
 
ප
හුගිය දවසක අර  නිදිගේ පංච තන්තරේ ලියන නිදි මහත්තයා  මට පොඩි දෝස්මුරයක් දැම්ම නෙව. ඒ ජායි භීම් චිත්‍රපටය ගැන මගේ අදහස් ටික එක්කාසු කරල අවන්හලේ දිගෑරියට පස්සෙ.  එතුමා කිව්වෙ  මම ටිකක් දරදඬු විදිහට ඒ තරං සංවේදී  චිත්‍රපටයක් විවරණය කළා කියල. ඉතිං මම හිතුව එතුමාගේ අදහසටත් කන් දෙන ගමන් ටිකක් වෙනස් විදිහකට  චිත්‍රපටයක් ගැන නැතත් පොතක් ගැන හරි ලියන්න උත්සාහ කරන්න ඕන කියල. බලමුකෝ කොයි තරං සාර්ථකයි ද කියලා. 

Sunday, December 5, 2021

ස්ටවුතියාව - 04 ශාරධා - i

    තෙවැනි දිගහැරුමට    

         උත්සව ශාලාව පුරා බටහිර සංගීත නාදයෝ ඝෝෂා පවත්වමිනි. කාගේම හෝ සවන් යුඟක් නිස්කාංසුවේ තබන්නට අකමැත්තේ මෙනි.  නීල පීත ලෝහිත ඕදාත  ආදී නෙක වර්ණයන්ගෙන් ප්‍රභාස්වර වෙමින් ශාලාව තුළ එළිය වපුරමින් නෙත් වියවුලට පත් කරමින් සැණකෙළි වර්ණ මවමිනි. තැන තැන ඕපාදුප කටගැසුම් පිඟන් අට්ටි ගණනට සිස් කරන නෙක  පැහැ ඇඳුම් ආයිත්තමින්ද  පමණට වඩා තරුණ පෙනුමක් ගන්නට උවන සිසාරා වත්සුණු තවරාගත් ලලනාවන්ය. ඔසරිය සමඟ ඇටමාලය රත්‍රං වලලු ය. සාරියට ඉමිටේසන් සෝබනය. ඉඳ හිටක පාවෙන තට්ටු වළාකුළු ගවොම්ය. අතරින් පතර ඇස් වලින් මල් හි විදින අනංගයන්ය. ශාලාවේ පසෙකම සැණෙළි විදින නිශ්චල  ඡායා හරඹයන්ට මැදිවන යුවලය. මම තනිවමය.

Sunday, November 7, 2021

ස්ටවුතියාව - 03 වැසි බිඳු චුම්බන

දෙවන දිගහැරුමට

                තත්පර කිහිපයක කාලයක් මා ඈ දෙස විස්මපත්ව බලා සිටින්නට ඇත. එක වරම ඈ වත පුරා අරක් ගත් අඳුරු ස්වභාවය මැකී හාස්‍ය පිරුණු මුහුණක් ඈත ආකාසය දෙස බලා මහ හඬින් සිනා ඉහිරවන්නට විය. තත්පර කිහිපයක් සඳළුතල ගරාදි බදාගනිමින් සිනා මල් විසිර වූ ඈ ආයාසයෙන් සිනහව නවතා ගත්තී මා අසලටම පැමිණියාය. මා නෙතු අතර මදක් තත්පරව ගිය ඈ මා සවන් අසලටම ලං වූයේ,

Thursday, November 4, 2021

Jai Bhim හෙවත් යුක්තියක අ‍ඳෝනාව

                         


                 
කුලය කියන සාධකය මත පදනම්ව අතීතයේ දවස් වල විතරක් නෙවෙයි වර්තමානයෙත් විවිධාකරයේ අකටයුතුකම් අසාධාරණකම් සිදුවෙනව අහන්නට ලැබෙනව. 1993 වර්ෂයේ ඉන්දියාවේ තමිල්නාඩු වල ව්‍රිද්ධාචලම් කියන ප්‍රදේශයේ යම් සිදුවීමක් සිද්ධ වෙනව වගේම ඉන්දියාව පුරාම එයට ප්‍රසිද්ධියක් හිමි වෙනව. අන්න ඒ සිදුවීම පාදක කරගෙන 2021 දි ඉන්දීය දමිළ නළු සූරියා සහ ඔහුගේ බිරිඳ වන ජ්‍යෝතිකා විසින් චිත්‍රපටයක් නිශ්පාදනය කරනව. ඒ තමයි Jai Bhim. 

Monday, November 1, 2021

ස්ටවුතියාව - 02 සයුරු තෙර නිවහන

                 
මුදු සුළං දහරාවක පහස විඳින වා කවුළු ආවරණයෝ කෝලයෙන් නර්තන ලීලා පාමිනි. විවර කවුළුව හරහා ඇදෙන මුහුදු සුළ‍ෙඟෙහි සිහිලෙන් පිරිමැදෙන වත සනීපවත් සුවදායී පහසකට නතුවය. සයන ඉරියව්වෙන්ම මුහුණ හරවා මා වම් පස සුවෙන් සැතපෙන්නිය දෙස බලමි. ජනෙල් කවුළු හරහා පෙරී එන උදා ළහිරු ඈ අනාවරිත නැබ සිපින්නේය. ශ්වේත වර්ණී ඈ නැබ මත කෝණාකාරී හැඩ මවන්නේය. ඒ සෞන්දර්යයේ ගිලෙමින් ඒ මායම්කාර නාරිලතාව දෙසම නෙත් අලවමින් උඩුකය උස්සා සයනය මත හිඳි ඉරියව්වට පත් කරමි.  උඩුකුරුව සයනය කරමින් දකුණු ඇලයට මුහුණ අඩකුඹු කරවා නිදන්නී  ඈ හිස වටා විසිර පවතින මුහුලස අඩක් පිපි සූරියකාන්ත කුසුමක් සේ දුලවන්නීය. බඳ හරහා වැටී ඇති පොරෝනාව ඉවත් කර සයනයෙන් බසිමි. හඬ නොනැගෙනා පරිද්දෙන් බැල්කනි ද්වාරය හරහා ගොස් ආවරණ වැටට දෙවැලමිටි තෙරපා බර‍ දෙමි. රළ බිඳින  සයුර විමසමි. වෙරළත මුදු ළවැලි තලාව මත සියුම්ව සලකුණු තබන යුවලකි. ඔවුන් දෙදෙන පමණකි. නිදහස් චුම්බනීය මිහිරක  ප්‍රේමවන්තයා ගිල්ලන්නී ඈ සිනා නගන්නීය. ඔහු තනි කර ඉදිරියට දිවයන්නී මඳක් දුර ගොස් ආපසු හැරී සිය ප්‍රේමවන්තයාට තමන් වෙන එන්නැයි ඉඟිපාන්නීය. මොහොතකින් සයුරු පොරෝනාවේ එතෙමින්  වෙරළත උඩුකුරුව යන ඈ දෝතින් දරා ගන්නා ඔහුද ඈ වෙතම පහත් වෙමිනි. තත්පර කිහිපයක කාලයක් ගතවන්නේ දෙදෙනා ඒක රූපයක් බවට හරවමිනි. මන්ද වේගී චලන රූප රාමුවක් නෙත් අබියස මවමිනි.