| මේ පිංතූර ඔක්කොම ගත්තෙ ශ්රී ලංගම බස් වියුණුවෙං. ලිංකුව මැද ඇති |
ඒ 1998 වසර විය යුතුය. පාසැල් වෑන් රියෙන් පාසැල් ගිය ගමන අතැර ගමෙන් ටවුමට යන බස් රථයේ පාසල් යන්නට පටන් ගත්තේ 98 වසරේ වග මගේ මතකයයි. 1998 මට කෙඳිනක හෝ අමතක නොවන මතකයක් ඉතිරි කළ වසරකි. මා හිතාදර චූටි මාමා ජයසිකුරු මෙහෙයුමෙන් අප හැර දා යන්නේ ඒ වසරේ ය. එහෙත් මේ කතාව ඒ ගැන නොවේ. මේ බස් කතාවකි. කොටින්ම කියනවා නම් ලංකාවේ හුදී ජනයා බස් ආගමක් සේ අදහන්නට පටං ගත්තේ මේ යුගයෙන් පසුව බව මගේ අදහසයි.


