Sunday, September 26, 2021

ස්මරණ 16 - රබර් ගලවා සරුංගල් යැවීමේ අවසානය

         


ස්රණයන් ට නැවත පණ දෙන්නට සිතී ආපසු හැරී බැලූ කල මා දුටුයේ අවසාන ස්මරණය දිග හැරී වසර හයකට අඩු දින කිහිපයක් පමණක් බවයි. ඉනුත් මා කුඩා කල මතක දිගහැරි එක දිගට පරිච්ඡේද ලෙසින් ලියැවුණ අවසන් ස්මරණය ට වසර හතකට ආසන්න බව දුටුවෙමි. එකළ මා ලියූ දේ අද කියවන විට දැනෙන්නේ ආඩම්බරයකට වඩා ලැජ්ජාවකි. ඒ ඒවායේ අන්තර්ගතයන් නිසා නොවේ. එතරම් අපූරු භාෂා භාවිතයක් තිබූ මා පල්ලමකට අත හැරි ටයරයක් ඇදී යන තරම් වේගයකින් මොට වෙමින් පවතිනා බව දැනෙනා නිසාය. කෙසේ වතුදු මේ උත්සාහය ඒ නොස්ටැල්ජියාවෙහි ගැලෙන්නට නොවේ. පටන් ගත් ගැල ඉදිරියට ඇද අවසානයක් කරා ළං වන්නටය.


    කලින් ස්මරණයකදී රබර් ගලවා සරුංගල යවන්නට ගියද නොහැකි වූ වග මතක හාරාවුස්සා බලන විට දුටු නිසා ගසක පැටලී ඉහළ යන්නටත් බිමට ගන්නටත් නොහැකිව සිරව ඇති සරුංගලය ඉන් නිදහස් කරන්නට සිතුයෙමි. ඒ පහුගිය දවස් වල සරුංගල් යවනා තාත්තලා සහ දෝණියැන්දලා ද තාත්තලා සහ පුතණ්ඩියලා ද දුටු බැවිනි. එහෙත් අප කුඩා දවස් වල වාගේ නොවේය. වයස දහයේ දොළහේ  කොල්ලන් එකෙක් හෝ නොදුටුවෙමි. උංට සරුංගල යැවීම එපා වී වෙන්නටත් පුළුවන. නැතිනම් සමාජ මාධ්‍යයන් සරුංගල යැවීමට වඩා ආකර්ශනීය යැයි සිතීම නිසා වන්නට ද පුළුවන. 


    ඒ අපේ පළමු සරුංගල උත්සාහයෙන් අප පරාද වී ගියද අධෛර්යමත් නොවූයෙමු. රබර් වත්තක හා පොල් වත්තක මායිමක උන් අප කෙසේ සරුංගල් යවන්නද. ඒ මදිවාට වටෙන්ම කුඩා කුඩා කඳු ගැටය. ඉදින් අපගේ මීළඟ සැලසුම වූයේ විදේශාධාර පැතීමය. ඒ අනුව තානාපති ධූරය හෙබවූයේ මා ය. ඉරිදා දහම් පාසලේදී හමුවන මා මිත්‍රයෙක් විය. අද ගුරුවරයෙකු වන ඔහු එදා සේම අද ද නිර්මාණශීලී චරිතයකි. මා ඔහු හමුව අපගේ අවශ්‍යතාව කියා පෑවෙමි. රාළයා ගේ සහ මාගේ උනන්දුවට පින්සිදුවන්නට අහුලා ගත් පොල් ගෙඩි කීපය නිමල් මාමා ගේ කඩයට විකුණා සල්ලි කොට තිබූ නිසා අවශ්‍ය සව්කොල ආදිය ගන්නට මා අත මුදල් විය. දහම් පාසල අවසාන වී මා මිත්‍රයාගේ නිවසට අප දෙදෙනා ගියේ මා මිත්‍ර රංජන්ද කැටුව ය. අප එක්ව මොණරෙක් සාදා අවසන් කළෙමු. නමුත් හිතුවාට වඩා කාලය ඉක්ම ගොස් තිබුණි. දහම් පාසල් අවසාන වී මිතුරන්ද සමඟ නොපැමිණීම නිසා තාත්තා අප දෙදෙනා  සොයන්නට පැමිණියේ ය. අත වූ සරුංගලය දුටු ඔහු අසල තිබූ හිඟුරු ගසකින් කෝට්ටක් කඩාගෙන ආවා වුවද සරුංගලය දා දුවන්නට සිතක් නොවීය. එහෙත් සරුංගලයේ හැඩ දුටු ඔහු මට හෝ රංජනයාට පහර නොදුන්න ද අප දෙදෙනාට තරවටු කළා මතකය. එසේම පසුවදා අප සමඟ සරුංගල යැවීමටද පැමිණියේය.  


    එදින සරුංගලය සාදා ගෙනෙන විට සවස් වූ නිසා පසුවදා අප පස් දෙනාම සරුංගල යැවීමට ගියෙමු. එහෙත් අපට වඩා ඉක්මන් වූ කුමාර ලා හොඳම තැන වාඩිලා සිටියෝය. අපට ලැබුණේ ගල්ගේ කන්දේ ගල ය. තරමක පහත් ස්ථානයක් වූ එතැනට සුළං එන්නේ මඳ වශයෙනි. එහෙත් ඉතා සැහැල්ලු මෙන්ම නිසි තාක්ෂණයෙන් නිම කර තිබූ සරුංගලය වැඩි ආයාසයකින් තොරවම ඉහළ නැග්ගේ අප සිත් තුළ වූ කණගාටු දායක හැඟීම් ප්‍රීතියෙන් සෝදා හරිමිනි. අප එදා කළුවර විත් ඇහැට ඇඟිල්ලෙන් අනිනා තෙක්ම සරුංගල යැවූයෙමු. එහෙත් ප්‍රිතිය තිබුණේ දින කීපයකි. සරුංගලයේ නූල ඇදී යාම නිසා දුර්වලව තිබෙන්නට ඇත. උඩු සුළඟට හසුව දඟ කරමින් උන් මොණරා එක වරම අපෙන් මිදී ඈතට ඇදී ගියා මතකය. ඒ පසුපස හඹා ගොස් ‍පළක් නොවූ නිසා පැද්දෙමින් නැළවෙමින් ඈතට යමින් පහත් වන මොණර සරුංගලය දෙස ශෝකිව බලා උන්නෙමු. 


    කෙතරම් අවධානයෙන් බලා සිටියද මා හ‍ට සාර්ථකව මොණරෙක් සාදන්නට හැකි වූයේ නොවේ. එහෙත් මා හට ‍කූරියා නොගසන වවුලෙකු සාර්ථකව සාදන්නට තරම් හැකියාවක් ලැබුණි. ඒ වවුලා දවස් කීපයකට පසු අහිමි වී ගියේ නුල කැඩී යාම නිසා නොවේ. උඩු සුළඟට හසුවූ සරුංගලය නැවත පහතට නොගෙන ගසක අත්තක ගැට ගසා තැබීම නිසාය. දින දෙකක් හෝ තුනක් පමණ අපට ඉහළින් නිතරම පාවෙමින් උන් වවුලා එක උදයක අතුරුදන්ව සිටියේ පෙරදා රැයේ වැටුණ වැස්සට ‍දියව ගොස් උගේ ගමන නිමා කිරීම හේතුවෙනි.


    කාලය ගෙවී යන විට වවුලන් පමණක් නොව මොණරුන් සේ ම නයි සරුංගල ද සෑදීමට හැකියාවක් ලැබුණි. එහෙත් භූමිය සේම අප ද එක ලෙසින් සිටින්නේ නැත. වත්තේ නැවත රබර් පැළ වැවුණි. ඒ පැළ තරම් නැති වුවද අප ද වයසෙන් මුහුකුරා ගියෙමු. රාළයා රස්සාවකට ගමෙන් ගිය අතර බණ්ඩාරයා හා මා තනිවීමු. අවසන අපටද සුපුරුදු වාසස්ථානයෙන් නික්ම එන්නට වූයේ වත්තෙන් දී තිබූ නිවාසය අබලන් ව කඩා වැටීම නිසාය. 


    ඉන් පසුවද මම සරුංගල සෑදුවෙමි. අලංකාර සේම තාක්ෂණයෙන්ද අනූන වූ ඒවා අනායාසීවම ගුවන් ගත විය. එහෙත් තනිව සාදා තනිව යැවූ සරුංගල කෙළියෙන්  පෙර තරම් සතුටක් අත්විඳින්නට මා සමත් නොවීමි. 


    කෙමෙන් කෙමෙන් මිත්‍ර සමාගමයෙන් ඈත් වූ මා පොතට පෙම් බැන්දෙමි. පෙර තරම් නිදහසක් නොලැබීමද නැතහොත් අලුත් තැන මා වෙනස් කළාදැයි මා නොදනිමි. අදද පොතත් සමඟ එක් වූ ඒ හුදකලාව අත්විඳින්නෙමි. අද රාළයා ගමේ නැත. බණ්ඩාරයා හිරේය. මගේ පරම ආසාව යළි රබර ගැලවූ වත්තේ කඳු ගැටය මත වූ "සරුංගල් ගල" මත හිඳ උන් දෙන්නා සමඟ සරුංගල යැවීමයි. එහෙත් …... 


39 comments:

  1. Replies
    1. ඩුම්ර ටපර ඩුම්ර ටපර ටපර ටපර ඩුම්ර ටපාරේ...

      Delete
    2. බස්සො සරුංගල් නැද්ද?

      Delete
    3. නෑනේ... ඒකයි ඔය වැටක් ගහල ගිහිං තියෙන්නෙ 😂😂😂

      Delete
    4. ඔහෙට කියන්න සෑර්, තට්ටයා මහත්තයාගෙ බ්ලොග් වලියට සහබාගි වෙලා මේ දැනුයි ආවෙ. ඒකයි කලින් ඇවිත් වැටක් ගහල ලිස්සුවෙ.

      එකක් දෙකක් හැදුවට සරුංගල් ගැන එච්චරම මතකයක් නෑ. පොඩිකාලෙ කෙලිපැටික්කියො එක්ක හැංගිමුත්තන් කරපුවා නං හොඳට මතකයි.😊

      Delete
    5. බස්සා එතනදිත්, නෑනන්ඩිය පෙන්නකං ඉඳල, මූ පෙන්නන්නැතුව ලිස්සල ගිහිං. ඒකට තමයි “කඩවුණු පොරොන්දුව“ කියන්නෙ.

      Delete
    6. @ බසු කෙලිත්තියොත් එක්ක හැංගි මුත්තං කරපු එක විතරද කළේ.. 😃😃😃

      @ඩ්‍රැක් මුන්නැහේට ඒ දවස් වල පෙන්නන්ට තරං එකක් තිබ්බෙ නැතිවද දන්නවෑ. 😂😂😂

      Delete
    7. තිබ්බා, තිබ්බා සතාගෙ හැටියට ආයුදේ. වෙලේ මී හරක් කූඩැල්ලොන්ට ඕක පෙන්නන්න බෑ, කෙලගෙන එන්නෙ.😂

      Delete
    8. අම්මෝ... දිය කූඩැල්ලො ගන නං මතක් කරන්න එපා.
      ඒ කෙලගෙන එන්නෙ උංගෙ වරිගෙ එකෙක් කිය හිතාගෙන වෙන්ටැ මහිතේ.. 🤣

      Delete
    9. ඔය අවලං කූඩැල්ලෙක් කෑව නෙව ඕක. අපරාදෙ කියන්න බෑ, ලෙසටම විසාල වුනා.

      Delete
    10. අම්මියෝ..
      පිටිං කෑව එක වාසනාවක්. අස්සට රිංගන්න ට්‍රයි නොකර
      ගෑල්ලමෙක්ට වෙලා තිබුණ ඒත් ඒක දැනගත්තෙ එයැයි මැරිල පෝස්ට් මෝටම් එක කළාට පස්සෙ

      Delete
  2. මං හදල ම තියෙන්නෙ වවුලො තමයි. තාක්ෂණේ ගැන නං දන්නෑ. බැලන්ස් කරල ඉරටුවලිං හැදුවෙ. අතේ තියෙගන උඩ යවල තියෙනව, ඇදගෙන දුවන්නැතුව.

    වත්ත පහළ වෙලේ තමා සරුංගල් අරින්නෙ. කොල්ලො හමුදාවක් විතර ඉන්නව ඒ වෙලාවට. හුළඟ එන්නැත්තං කුණුහරුපෙනුත් බණිනව හුළඟට.

    ReplyDelete
    Replies
    1. හුකා උඹල කුනුහබ්බෙනුත් බයිනවද? අපිනං එහෙම නෑ

      ජයවේවා!
      Myself Hattor

      Delete
    2. @ ඩ්‍රැක් ඒකට තමා තාක්ෂණය කියන්නෙ. 😃 දැං හදන සරුංගල උස්සං දුවන්නම එපැයි 😂😂
      අපි නං හුළංංවරෝ කිය ල කෑ ගහනව මිස කුණුහර්ප නං කිව්වෙ නෑ. ඊයා.. නෝටි ළමයි

      @හැට්ටර මුංව ආස්සරේ කොරන්නෙ පරිස්සමින්. 😃😃😃

      Delete
    3. හැට්ටරෙත් බලපිටිය පැත්තෙ වගේ. ඔහෙ ඉස්ටේසමක ගහල තිබ්බා "පයියාගල" කියල. දැන් බලාන්ට බකමූණ කියල ගමක් තියනවා අපේ නෑයො ඉන්න. එතකොට පයියාගල...?

      Delete
    4. 🤦‍♂️🤦‍♂️🤦‍♂️ හත්තිකේ

      Delete
    5. උපන් ගම ගම නොවැ. බලපිටියේ ඉස්පිරිතාලේ ඉපදුනා කියල තමා උප්පැන්නෙ තියෙන්නෙ ලොකු සර්.
      පයියාගල උතුරද? දකුණද? දෙකම හොඳ පළාත්. ගං ඌරුමස්, ඇයි පොල් රා. අන්න ජංසන් !
      භූගෝල සාස්තරේට අනුව පයියාගල තියෙන්නේ කලුතරයි බේරුවලයි අතර.

      ජයවේවා!
      Myself Hattor

      Delete
    6. හප්පේ ඌරුමස්! හොඳ තෙල් කෑල්ලක් හපනවා මතක් වෙන කොට කෙලත් බේරෙනවා. අර බ්ලොග් ලියපු රවි, ඌරට කතා කලේ ගරු නම්බු දීලයි. ගවනට් ජෙනරල් කියලයි කිව්වෙ.🤣

      Delete
    7. ඌරා දැං නැඟල යනව නේ. ඉස්සර නං කට්ටිය ඌරු මස් කනව කියන්නත් පස්ස ගහනව නෙව. 😃

      Delete
  3. අඩෙයප්පා ලොකු සර්, සරුංගෝල ගැන කියනකොට කොමෙන්ට් එකක් නොදා ඉන්නැහැක.
    හදන එක, යවන එක, නූල ෆලෝ කල්ල හිටං ගස් වල ටැපලිච්චි එව්වා මුදවාගැනීමේ මෙහෙයුම්. අම්මප එහෙම කාලයක්.
    දවස් දෙක තුනක් ඇරියම සව්කොලේ වෙනස් පාටකින් දාල අරිනවා, තව දවස් දෙක තුනක් ඇරලා උඩ හරියෙන් දතක් ගහල යවනව කඩාගෙන යන්ඩ. සරුංගෝලේ උඩුහුළං කාපු දවසට අපි නිකං 'පාරිබෝගික අදිකාරියේ ජෙනරල්' වගේ ගැම්මෙන් ඉන්නේ. ගේමටම තමා ඇයි සරුංගෝලේ ගැහෙ බැඳලා නේ.
    අම්බලංගොඩ සරත් ලොක්කගේ (https://47s7sw.blogspot.com, ඔය '47s7sw' කියන්නේ ලොක්කගේ කෝල් සයින් එක ) බ්ලොග් එකේ ඉස්සර ලියල තිබ්බ වැල්ලේ (මූදු වෙරළේ) සරුංගෝල යවපු හැටි, අපි යැව්වේ ඊට ටිකක් එහායින් ගඟ අයිනේ!

    ලොකු සර්, හොට් එයා බැලුන්, මේ මං කිව්වේ සව් කොළ අලෝපුව ඇරලා තියෙනවද? . බසු ලැන්වේජ් එකෙන් කියනවනං අන්න ජංසන්.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හැට්ටරේ සරුංගල් යවද්දි ඔයි වැඩ කරල නැත්තං ගස් බඩගාල සරුංගල් ඇරං නැත්තං අනික් උං එක්ක මරාගත්තෙ නැත්තං එතන කික් එකක් නෑ නේහ්. නැද්ද මං අහන්නෙ.
      සරත් ලොක්කගෙ බ්ලොග ඒ දවස් වල ඉඳලම කියවපු එකක්. එතකොට හැට්ටරෙත් අම්බලන්ගොඩයෙක් 😃😃😃

      නෑනේ. එයා බැලුං ඇරල නෑ. 😔😔

      ඒක නෙවී මොකද්දෑ මේ සෑර් කතාව. 🤔🤔 මේ සාවියෙ නං සෑර්ල නෑ ආයිබංඩ 😃😃😃

      Delete
    2. අපි ඉතිං හැමෝටම ගරු සරු ඇතුව අමතන්ඩ ඉගෙනගත්තු අය නොව ආයුබෝවන්ඩ.
      තරහ අවසර, ලොකු පොඩි හැමෝම මට නං ඉතින් එදත් අදත් සර්ල මිසීලම තමා.
      (ඔව්ව සිරාවට ගනං ගන්ඩෙපා ලොකු සර්!)


      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. එහෙමයි එහෙමයි හැට්ටරේ..
      ජය ශ්‍රී 🍻

      Delete
  4. මේ මහේෂ්, මේ බ්ලොග් එකේ දාලා තියෙන ගැජමැටික් එකක අවුලක් තියනවා. බොහෝවිට ජාවා ස්ක්‍රිප්ට් එකක් වෙන්න පුළුවනි. ලෝඩ් වෙන්න වරුවක් යනවා, ඒ වෙනතුරු කමෙන්ට් යටින් රිප්ලයි කරන්න දෙන්නෙ නෑ.

    මමත් කාලයක් ඔහොම රටේ නැති වයිවාරණ විච්චූරණ බ්ලොග් එකේ එල්ලං හිටියා. බුරා පස් පඩංගුවෙ බැන්නාම අයින් කලා.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මේ කර්සර් එක නිල් පාට වෙන ගැජට් එක. ඒක අයින් කරන්න දැං හෙ‍ායා ගන්න බැරිව ඉන්නෙ. එදත් ඕක කියල තිබ්බ නේහ්.. පුලුවන් ඉක්මණින් හොයල අයිං කරන්න බලන්නං.. ස්තූතියි 😊

      Delete
    2. ඔව් මටත් හිතුනෙ ඒක කියලයි. බ්ලොග් එකට ලොග් වෙලා සෙටිං පේජ් එකේ ---> Layout ගිහින් HTML/JavaScript කියල තියෙන ගැජට් එකක ඇති.

      Delete
    3. හා ඔය ලොඩ් වෙන්නෙ දැන් ගිණිකසයා වගේ.😂

      Delete
    4. වැඩ කරන්නැති විජේට් තිබ්බ බරට. ඔක්කම අයින් කළා. තව එකක් දෙකක් තියේ. එච්චරයි 😃
      ස්තූතියි බසු

      Delete
    5. යූ ආ වෙල්කම්.

      අනික් ඒවා අවුලක් නෑ. ඔය තර්ඩ්-පාටි ජාව ස්ක්‍රිප්ට් ගැන තමා සැලකිලිමත් වෙන්න ඕනෙ. එව්වා වල සැකුරිටි ප්‍රශ්ණ පවා තියනවා. බ්ලොගර් දෙන ඕන එකක් දාගත්තාට අවුලක් නෑ.

      පොඩි යෝජනාවක්: පැත්තකින් බ්ලොග් රෝලක් එල්ලගන්න බලන්න. එකක් ඒකෙන් අනිත් අයට වගේම ඔබටත් අලුත් වෙච්ච බ්ලොග් අප්ඩේට් එනවා.

      සෙටින්ග් ---> Layouts ----> Blog List gadget

      Delete
    6. හුටා තියෙනව නෙව? සොරි ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරමු.🤣

      Delete
    7. මෙන්න තව හිනා කතා බ්ලොග් එකක්.
      https://namiyageweediya.blogspot.com

      Delete
    8. ඒ දවස් වල ඉදං එකේක ගැජට් එල්ලන එක විනෝදාංසය නේ. ඉතිං එල්ලන්ට පුලුවං ඔක්කම එල්ලං ඉන්නෙ 😃😃😃

      ඔය අලුත් බ්ලොග් ප්‍රමෝට් කරන්න ඉස්සර මම වෙනම පෝස්ට් ලිව්ව. දැං ඉතිං හතු පිපෙනව වගේ බ්ලොග් ලියන අය ඇති වෙන්නෑනෙ ආයිබං.

      ඔය බ්ලොග නං මම ෆලෝ කරපු එකක් මතක විදිහට. ස්තූතියි ❤️

      Delete
    9. වලත්තකමටමයි අහන්න හිතුණේ මහේෂ්. උත්පත්තියේ ඉඳන් එල්ලන් ඉන්න ඒව මදැයි!

      Delete
  5. සරුංගල් නේද!? මචං මේ සිද්ධිය වෙන කොට අපේ වසිකයා මේන්න මේ තරං ඇති! ඉක්කෝලෙ පහේ පංතියේ විතර. දවසක් අපේ ගෙදර සැට් එක ගියා ගල්කිස්සේ බීච් එකට හෙවත් වැල්ලට! අපේ කොල්ලත් කොයි ලෝකෙකින් හරි අටවගත්තු මෙන්න මෙච්චර විතර පොඩි සරුංගලයකුත් ඇන්න ගියා! ඉතිං එතනට ගියපු ගමන් අපේ කොල්ලාට ඕන උනේ වේන මොකවත් නොවේ සරුංගලේ පියාඹවන්න! දැන් කොල්ලා මේ සරුංගලෙ නූල අරං ඒපැත්තේ ඉඳන් මේ පැත්තට අදිනවා! මේ පැත්තේ ඉඳන් ඒ පැත්තට අදිනවා. එකම සීන්ස් එකයි! සව් කොලයක් උඩින් ඉරටු හතරක් තිබ්බත් ඩොටේ උඩ යන බීච් එකේ මේ අපෙ කොල්ලාගේ සරුං ගලේ වගේ එක යාන්තං අඩි දහයක් දොලහක් උඩ නැගලා; ඩොලරය ඉදිරියේ රුපියල වාගේ බිමට කඩ වැටුනා! එතැන හිටියා වැල්ලෙ පොරක්! පොරක් කිව්වාට බුවෙක් නෙවෙයි අහිංසක ඩෑක් එකක්! මේ මනුස්සයා එතැන වැටක් ගාව අයිනේ හිටියේ!~ මේ මනුස්සයා කොල්ලාගේ සරුං ගලේ පොඩි පොඩි ප්‍රථිසංස්කරණ කලා ! ඒත් හරි ගෙයේ නෑ! අන්තිමේ සරුංගලේ සේරුව වෙනස් කරලා යාන්තං පොඩ්ඩක් උඩ යන්න පටන් ගත්තා!
    "ඔයාට හොඳට සරුංගල් හදන්න පුළුවන්නේ!?"
    "ඔව් මහත්තයා ඒක මගේ රස්සාව!"
    "මොකක්!?"
    "ඔව් මම සරුංගල් හදාගෙන ඇවිත් මෙතැන තියාගෙන විකුණනවා!"
    "කෝ!?"
    "අර!"
    අම්මට හුඩු තිතේ තිත් කන්න ගිය කළු තිතක් මේ යකා මට පෙන්නුවා!
    "දැං ඕකත් විකුණනවාද?"
    "ඔව් මහත්තයා!"
    ඇත්තටම එයාට එයාගෙ අසරුංගලේ අපිට සුපිරියටම ප්‍රොමෝට් කරණ්න තිබුනු එකේ එයා කලේ දරුවාගේ එක හදලා දීමයි. මම ඇහුවේ නැත්නම් ඒ කියන්නෙත් නැති වෙන්න තිබ්බා! ඇත්තටම මට ඒ මනුස්සයා ගැන ඇති උනේ විශාල පැහැදීමක්.
    "කීයද ඒක!?"
    සාධාරණ ගානක් කිව්වා!
    පස්සෙන් පහු ඒ මනුස්සයාගේ තිබුනු කොලිටියට ගරු කිරීමක් විදියට "අහසේ තිබ්බ තිත" මිලදී ගත්තා! එයා අපට දුන්නේ බිම තිබ්බ කණුවක ගැට ගහලා තිබ්බ නූලක කොණයි! නූලක් කිව්වාට මෙන්න සයිස්!
    දැන් එන්න එන්න රෑ වෙනවා! අපේ කිල්ලයි තව එහෙන් මෙහෙන් සෙට් උනු කොල්ලෝ ටිකයි සරුංගලේ නූල එහෙන් මෙහෙන් ඇද ඇද සුපිරිම ආතල් එකක් ගත්තා! දැණ් කළුවර සමග වැහි බීරමකින් ගල්කිස්ස වැහිලා ගියා!
    "බාමු බාමු පුතේ! ඉක්මනට!"
    අම්මට සිරි බාන්න පටන් ගත්තා! මම අදිනවා කොල්ලා ඔතනවා! මේක ලිව්වොත් ෆුල්ස් කැප් එක නෙවෙයි බ්‍රවුන් පේපරයක් පිරෙන්නට ලියන්නැහැකි ඇද්ද ඇදිල්ලයි ඔතපු එතිල්ලයි!
    මිමට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න තමයි මේකෙ සයිස් එක තේරුනේ. ඔබලාට කියන්න මිත්‍රවරුණි නැට්ටයි හොටයි නැතිව සරීරෙ විතරක් මට වඩා උසයි.කොහොමත් අඩි හතක් විතර ඇති. ඒකාලේ මට තිබ්බා ටොයෝටා ළ්ණ්65 ඩබ්ල් කැබ් එකක්! කිව්වාම පිළිගන්න! ඩබල් කැබ් එකේ පිටි පස්සෙ බකට් එකේ දාගන්න බැරි තරම් මේකා විශාලයි. පස්සෙ ඇන්දට තියලා ගැට ගහගෙන ගෙදර ගෙනාවා! තවත් අවුරුද්දක් විතර ඒක බොත්තියකට හේත්තු කරලා තියලා අන්තිමේ කෝටු ටික උදෙට කේතලේ රත් කොරන්න ලිපේ දාන්න ගත්තා!
    වැඩේ වටිනාම කථාව තමයි එදා ඒ වැල්ලෙදි උඩ ගියාට පස්සේ ආයේ ආසාවට වත් එයාට ඉගිල්ලෙන්න අපි ඉඩ තිබ්බේ නෑ!

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව. තට්ටයා මහත්තයාගෙ කමෙන්ට් කතාවල මාර රහක් නෙව තියෙන්නෙ. ඔය ටැක්නිකල් පෝස්ට් අස්සට, මෙහෙම එක දෙකකුත් අතරින් පතර ලියල බලන්න කියලයි මම නං කියන්නෙ.

      Delete
    2. කලින් කමෙන්ට් කරපු නිසා ඕන්නෑ කියලා මම නෑවිත් හිටිය නං මට මේ අපූරු කතාව මිස් වෙනවා. අර සරුංගල් බාස්ගෙ කොටස හරිම සංවේදීයි. ඒවගේ ඒව ක්ලික් වෙන මම වගේම තව අය ඉන්නව කියල විතරක් දන්නවා. ගෑණු, පිරිමි මල් පලතුරු නෝනෙත් ඒවට කැමතිය කියල දවසක් කමෙන්ට් එකක ලිව්වා.

      Delete
    3. @ Mr තට්ස්... මරු කතාව.. ඒ සරුංගල හරියන්නෙත් මූදු හුලගට තමා ඉතිං. 😃

      @බසු. තට්ස් මහත්තැංගෙ පෝස්ට් හෙන සීරියස් නේ. මුල් දාස්සොල නං ඔය කයැකිං ගැන ඒම ලිව්ව. දැං දාන ඒව නරකයි කියනව නෙවී. ඒත් උන්නැහේ ඕනවට වඩා සීරියස් වෙලා නෙව

      Delete
    4. ගල්කිස්සේ මූදු වෙරළේ වුණත් මිනිස්සු ඉන්නවා.... හරිම සතුටක් එහෙම හැබෑ මිනිසුන් ගැන කියවීම!

      Delete
  6. සරුංගල් යවලා නැති කෙනෙක් ඉන්නවාද මන්දා. එකෙක් විතරක් ඉන්නවා, මං දන්නා. ඌව බලා ගන්න ඕනි වුණාම මම කන්නාඩියක් ඉස්සරහට යනවා. ඒ වුණත් ඔය ගැන මට තියෙන හොඳම මතකය බ්ලොගයට ලිව්වා පොස්ට් එකක් විදිහට.
    වෙලාවක කියවලා බලන්නකෝ කැමති නං.
    තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ https://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post.html

    ReplyDelete