සිදු තෙරහිම සකසා තිබූ මේසයක හිඳ ඈත දියඹ දෙස බලා හිඳිමින් අතැගිලි වලට හසුවන සීත ස්ටවුට් බඳුන පිරිමදිමි. ඇසට පෙනෙන මානයේ, දුරක සිටිනා ප්‍රේමවන්තිය කෙරේ ළඟා වීමට නොහැකිව දුරින් හිඳ හාදු එවන ප්‍රේමවන්තයෙකු සේ අහස් ගැබ සිට සයුර වෙත හෙලනා පෙම්වත් හාදු වරුසාවකින් තෙමන ප්‍රේමයෙන් ආශක්තව ගිය අහසය. ඒ අනවරත චුම්බන වරුසාවෙන් අහේතුකව වෙන්ව ආ වැහි බිඳු කෝඩයක් සුළඟත් සමඟ මුසුව මුහුණත සිපින්නට වෙයි.ඇතුලත ආවරණයක් කරා යමුයැයි ආරාධනා කළ වේටරයා හට ප්‍රතික්ෂේප ඉංගිතයක් පා නැවත සයුර දෙස නෙත් යොමු කරමි. අතැති සිහිල් ස්ටවුට් බඳුන මතක අවුස්සාලමින් කැළඹෙන, රළ නඟින, පෙරළෙන, පෙණ පිපෙන සයුරත සේ මා වෙලන්නට පටන් ගෙනය. ඉන් තවත් උගුරක් තොල ගා මේසය මත තබන්නට පෙරාතුව උගුර හරහා ගලා යන බීර සිහිලස විඳිනාතරම ඒ හරහා සයුර දෙස බලන්නට වෙර දරමි. බීර වීදුරුව පසුබිම්ව පෙනෙනා සයුර විනා බීර වීදුරුව විනිවිදන සයුරක් නොදකින්නෙමි. ස්ටවුට් බඳුනක් තරම්ම මිහිරි ආවර්ජනා මත්බවක ගිලෙන්නෙමි.
Sunday, October 10, 2021
Wednesday, October 6, 2021
ස්ටවුතියානු මතක - 000
ලියා අවසන් කළ නොහැකි තැන
දියව හරිනට හැකියි සිතුවෙමි
ප්‍රේමයක නටඹුන් මකන්නට
මදු විතක් තුල දියැව යන්නෙමි..,
Monday, October 4, 2021
එවරෙඩි, එක්සයිඩ්, ලක්ෂපාන, කොස්මෝ, ලූකස්, කෑලි හයේ ටෝච් එක්ක පාට දෙකේ ටීවී
"..
![]() |
| ඒ ගේ වටේට තිබ්බෙ නං පොල් ගස් ඕං |
ඔය එකේක නූල් සූත්තර කොරන්ඩ ගිහිං බැට්ටි බස්සපංකො. රෑට කතාව බලන්ඩ බැරි වුණොත් තමයි වැඩේ.. "
ගෙදරට කරන්ට් එක ගන්න කලිං මං අහපු බැණුං ටික මතක් කරල බලන්න පුලුවන් නං ඒ බැණුං වලින් වැඩි හරියකට හේතුව විදිහට ඔය බැට්ටිය කියන බලවත් පෙට්ටිය තිබුණා. ඒත් ඉතිං කොල්ලො වෙච්චි කොට ඕව අහයිද.. කොල්ලා කොල්ලගෙ වැඩ. මුට දෙයක් කියන කට හොඳයි ගලක උලාගන්නව කියල හිතුව තාත්ත අලුත් එක්සයිඩ් බැට්ටියකුත් ගෙනාව. එතකොට ගෙදර තිබ්බෙ ලූකස් එකක්. කොහොම කොහොම හරි මාරුවෙන් මාරුවට බැට්ටි දෙකෙන්ම ටීවී බැලුව. එකකින් ටීවී බලද්දි අනික නිකං තිබ්බොත් ඒක සවුත්තු වෙයි කියල එකකට ටීවි එකත් අනිකට රේඩිවේකත් වෙන වෙනම ජැක් කරල තමයි තිබ්බෙ. ටීවි බලද්දි ඒකට හයි කරල තියෙන බැට්ටිය ඉක්මණට බහිනව. ඉතිං ඒක බෝරුග්ගමුවෙ හාඩ්ඩෙයාර් එකට ගෙනිහිං චාජ් එකට දාල අනිකෙන් තමයි ඒ දවස් වලට ටීවි බැලුවෙ.
Thursday, September 30, 2021
ස්ටවුට්, නට්ස් ඇන්ඩ් මෙමරීස්
Sunday, September 26, 2021
ස්මරණ 16 - රබර් ගලවා සරුංගල් යැවීමේ අවසානය
ස්මරණයන් ට නැවත පණ දෙන්නට සිතී ආපසු හැරී බැලූ කල මා දුටුයේ අවසාන ස්මරණය දිග හැරී වසර හයකට අඩු දින කිහිපයක් පමණක් බවයි. ඉනුත් මා කුඩා කල මතක දිගහැරි එක දිගට පරිච්ඡේද ලෙසින් ලියැවුණ අවසන් ස්මරණය ට වසර හතකට ආසන්න බව දුටුවෙමි. එකළ මා ලියූ දේ අද කියවන විට දැනෙන්නේ ආඩම්බරයකට වඩා ලැජ්ජාවකි. ඒ ඒවායේ අන්තර්ගතයන් නිසා නොවේ. එතරම් අපූරු භාෂා භාවිතයක් තිබූ මා පල්ලමකට අත හැරි ටයරයක් ඇදී යන තරම් වේගයකින් මොට වෙමින් පවතිනා බව දැනෙනා නිසාය. කෙසේ වතුදු මේ උත්සාහය ඒ නොස්ටැල්ජියාවෙහි ගැලෙන්නට නොවේ. පටන් ගත් ගැල ඉදිරියට ඇද අවසානයක් කරා ළං වන්නටය.
Tuesday, September 21, 2021
මයිබින්නාලංකාර - 01 මයින් - නාග කතා වස්තුව

මොකාද බොල මේ තට්ට මයිනා
මනුස්සය ඒ වෙලාවෙ හිටියෙ කැත්තකුත් ඇරං වැට මායිම දිගට වැවිල තිබ්බ කැලේ දෙරි ගහන ගමං. කිව්වට මොකද ඇත් පංතියක් වුණත් ලේසියෙන් හංගන්ඩ පුලුවන් ගාණට කැලේ වැවිල. හවස හා හා පුරා කියල කොටා බාපු බිත්තර ආප්ප හය හතත් යසට වැඩ කරන්න ඇරං තිබ්බ. කිව්වට ඇස්වාක් කටවාක් නෑ වාත පිට වෙන්න පටං ගත්තෙ බෙංගාල බොක්කත් කැළඹිලා යන තාලෙට. කාලෙකිං කැලේට වෙලා ඉන්නෙකේ නිදහසේ තුන් දොරම ඇරගෙන වාත පිටකරන්න තරං වාසනාවක් මනුස්සයට තිබ්බ.
Wednesday, September 15, 2021
Friday, September 10, 2021
දකුණු මායිමේ - හරුකි මුරකමි
මුරකමිගෙ "දකුණු මායිමේ" පරිවර්තනය කියවන්න කලිං මම කියවල තිබුණෙ ඉන්දික ලියපු කවි පොත් විතරයි. එතනිනුත් "හිතේ කෙටූ ටැටූ" නං ටැටූ එකක් වගේම නොමැකෙන්න පත්තියං වෙලා තිබ්බෙ.
Sunday, September 5, 2021
ප්‍රේමාලාප - වැහි පොදක මතකයක්..!
එළියෙ එක සීරුවට වහිනව. මේ තරං වෙලා කියව කියව හිටිය මුරකමි ගෙ "දකුණු මායිමේ"** පැත්තකිං තියල ටික වෙලාවක් වැස්ස දිහ බලන් හිටිය. උදේ ඉදං වහින වැස්සකට මනුස්සයෙක්ව කොයි තරං අලස කරවන්න පුලුවන්ද. සමහර විට රොමෑන්තික හැඟීමකින් පුරවල දාන්න වුණත් පුලුවන් ඇති. වැස්ස ගැන හුඟක් අය ඒ වගේ සටහන් ලියනව මම දැකල තියෙයි. වැස්ස එක්කම රසවිඳින්න පුලුවන් වැහි චිත්‍රපට පවා හැදිල තියෙයි . වතාවක් දෙකක් එහෙම ඒව බැලුවට ඒ චිත්‍රපට වලත් ලොකු විශේෂත්වයක් නෑ කියල මට හිතෙන්න ඇරං තිබුණ. ඒ වෙලාවට හිත ප්‍රේමයෙන් අනුරාගයෙන් පුරවන රොමෑන්තික ගතියක් නැතිව නෙවෙයි. ඒ වුණත් චිත්‍රපටයෙ රහ ටිකින් ටික මතකයෙන් මැකිල යන්න පටං ගත්තම ඒ දැනෙන්න ගත්ත හැඟීම් වුණත් වියළිලා යන්න පටං ගන්නෙ හරියට වැස්ස වැහැල නැවතිල දවස් දෙක තුනක් විතර අව්ව පායන්න ගත්තම තියෙන පරිසරය වගේ.






