හුඟක් අයට අනුව මේ වෙද්දි
ලංකාව ඇතුලෙ එක එක විපරීත දේවල් සිද්ධ වෙනවනේ.
ඒත් ඇත්තටම ඒ දේවල් අඩු හෝ වැඩි වශයෙන් අතීතයෙත් සිද්ධ වුණා. නමුත් ඒ ගැන දැනගත්තෙ
සීමිත පිරිසක්. හේතුව තමයි කට කතා වලට හෝ කවි කොල වලට යන්න පුළුවන් සීමා සහිත දුර.
ඊටත් වඩා අනූව දශකය සහ ඊට පෙර, ඇත්තටම බැලුවොත් දෙදාහ දශකයේ මුල කොටස සහ ඊට පෙර කිව්වත්
ලොකු වරදක් නෑ. පත්තර හෝ ගුවල් විදුලියෙන් හෝ රූපවාහිනිය මාධ්ය කොට ගෙන ගොසිප් වර්ගයේ
පුවත් වල ප්රචාරණයේ අවම භාවය. සහ යම් මායිම් ඇතිකරගත්ත සදාචාරාත්මක සලකුණු.
Saturday, June 29, 2024
තොරතුරු අවශ්යතාවය සහ ජනයා ගොනාට ඇඳගැනීම හෙවත් බොම්බිලි මාකට් වීම.
Tuesday, June 18, 2024
ලියාගන්නට බැරිව ලතැවුණු එකම එක දිග පුංචි කවියක් … - ii
….මා වෙත පුරුදු සුවඳ දැඩිවම දැනෙමිනි. ආපසු හැරී බැලුවෙමි.. එකෙණෙහිම ඒ මා පසු කර ගිය ඒ සුවඳ හිමි තැනැත්තියද මා දෙස බැලූවාය..
ඒක තත්පරව.. ඒ ඇස් මා ඇස් සම්මුඛ වූයේ විමතිය මුසු විසල්
දෙනෙතක් මා දෙස බලා උන්නීය..
දි..ලූ..
ස..හේන් අයියා..
මා දෑස ආවරණය කර මෙතෙක් වේලා විරාජමානව රැඳී උන් අව් කණ්ණාඩිය මා අතට ආයේ කෙසේ දැයි නිනව්වක් නැතිය..මා ඒ රන් සියපතක් මෙන් ස්වර්ණීකෘත මුහුණ දෙස බලා උන්නේ සිහි සන් නොමැතිව සේය..
Saturday, June 15, 2024
ලියාගන්නට බැරිව ලතැවුණු එකම එක දිග පුංචි කවියක් ...
තුන් මහල් කාර්යාල සංකීර්ණයේ දෙවන මහල කරා වූ පියගැට ගැනෙමින් තිබිණ.
ක්ලැං..
කාර්යාලීය වේලාවන් හි කෙටි පණිවුඩ පැමිණිම මා හට බෙහෙවින් දුර්ලභ වූ දෙයක් නිසා මා අත දකුණත් සාක්කුවේ සිරව සිටින දුරකථනය වෙත ගියේ නිරායාසයෙනි. වට්ස්ඇප් පණිවුඩයක් ආ බව හඟවමින් කුඩා ප්රමාණයේ වට්ස්ඇප් ලෝගෝව තිරය මත රැඳී තිබිණ.. ආදි ශිෂ්ය සංගමයේ නිල වට්ස්ඇප් සමූහයේ නාමය දුටු වනම බලාපොරොත්තු කඩවීමක් සිදු වූවද අතට ගත්තු එකේ ඔන්නොහෙ බලපං යැයි අභ්යන්තරයේ උන් මොකෙක්දෝ එකෙක් මුර ගෑයෙන් පණිවුඩ අන්තර්ගතය දෙස නෙත් යොමු කලේ උවමනාවට එපාවටය.
Wednesday, June 12, 2024
වෙන්ව යන්නම ඕනද අප
හුඟ දවසකිනුයි මම මේ ලියන්නෙ
ඒකත් ඔබ නිසාමයි ලිය වෙන්නෙ
මේ තරම් කල් නිස්කලංකෙයි උන්නෙ
ඔයා ඇවිදිනුයි මේ හැමදේම වෙන්නෙ
Sunday, May 26, 2024
මැණිකක් හොයනවද..? එහෙනං මුක්කරු ගොඩැල්ලක් හොයාගෙන යන්න Mukkaru Godella By Premakeerthi Ranathunga
ප්රේමකීර්ති රණතුංග මහත්මයගෙ “මුක්කරු ගොඩැල්ල" කියවලා ඉවර කළේ දැං. වෘතාන්තමය සහ ඉතිහාසමය කතා වලට ප්රියත්වයක් දක්වන කෙනෙක් විදිහට ප්රේමකීර්ති රණතුංගයන්ගෙ නිර්මාණයන්ට මම සෑහෙන්න ඇල්මක් දක්වන කෙනෙක්. නොදන්නා කම නිසා මඟඇරුනු පොතක් දෙකක් තිබුනා නම් හැර ඔහුගෙ සියලුම නිර්මාණයන් හි පිටපතක් මා විසින් අත්පත් කරගෙන ඇති බවට මම විශ්වාස කරනව.
Saturday, May 18, 2024
සඳ දෙව්ඳුව නොගියේ ම යි කිසි දාක..
"කවියක් වී තොල් පෙති මත මුමුණන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න.."
මන්ද්ර ස්වරයකින්.., අලුත් කටහඬකින් ඇහෙන පරණ පුරුදු සිංදුව මාව විස්මපත් කළා. ඒක හරියටම එයා කැමති විදිහමයි. ඒ තාලෙමයි. මම හිටියෙ කාර් එකේ කෑගල්ලෙ ඉඳන් නුවර හරහා අත්යාවශ්ය ගමනක යෙදෙන ගමන්. හරියටම බෝගම්බර වැව රවුමෙ. හීන් පොද වැස්සක් වැටෙන වෙලාවක. මට ඉබේටම වම් අත පැත්තෙන් පේන බෝගම්බර වැව් දිය දිහාවෙ බැලුණ. වැහි බිංඳු හරි අපූරුවට වෑදිය මතට හාදු දෙමින්, දිය වෙමින් උන්න.
මේ සිංදුව කියවෙන්න තිබ්බෙ මෙහෙම නෙවෙයි...
Sunday, March 3, 2024
පිටස්තරයෙකුගේ දිනපොත 02 - සැන්දෑ සක්මන්, චණ්ඩිකම්, බයගුළුකම් සහ තල්ලඩි පාලම දක්වා ගමන - Life In Mannar part 02 - A walk to Thallady Railway Bridge.

ගුම්මෝනිං මයිය කොල්ලෝ 😏
මන්නාරමට ඇවිත් මාස එක හමාරකට වැඩිය ගෙවිල. මන්නාරං පරිච්ඡේදයෙ
පළවෙනි කොටස ලියල මාසයක් ගිහිං. ඊට පස්සෙ මොනවත් ලියන්න තරං දෙයක් නොවුණ වගේම, වැඩිය
කොහෙවත් යන්න බැරි වුණා. ඒ වගේම එක දිගට ආව වැඩ, රාජකාරීමය බාධාවන් සහ ඒ රාජකාරී ගමන් වල නීරස
බව නිසා මොනවත් ලියන්න තරං උද්දීපනයක් තිබුණෙත් නැති තරම්. නමුත් මේ උත්සාහය මොනවම හරි ගලපන්න. ඒ වගේම පූර්ව මන්නාරං පරිච්ඡේදය සහ මේ කොටස අතර ඇති කාල පරතරයට සමාව ඉල්ලනව.
Sunday, February 25, 2024
ඇත්තටම, මේ අතුරුදහන් වෙන කෙල්ලන්ට මොකද වුණේ..
Wednesday, February 14, 2024
රැහැයියෙකු ගෙන ආ තෘප්තිමය ආනන්දය - කාලාන්තරාව - THE DRAGONFLY EFFECT
රැහැයියාගේ (බ්ලොගර්ල දන්න විදිහට හෝබෝ ටික්කාගෙ) අලුත් පොත මේසය උඩට පියාඹා විත් බොහෝ දිනක් ගත විය. නව ස්ථාන මාරුව හේතුවෙන් මේසය කොණකට වී ලැග් ගැහෙමින් උන් එය ට කාලතරණය කළ හැකි නම් නැවත එයට හිමි නියමිත තැනටම යනවා ඇත. කොහොම හරි පොත කියවා අවසන් කළේ ඊයේ හවසය. මේ සටහන ලියන්නේ අදය. මොළයට වැටී තිබූ සමනල ගැට ටික ලෙහාගන්නටම බොහෝ වෙලාවක් දෙන්නට සිදු වූ නිසාය.
Sunday, February 4, 2024
පිටස්තරයෙකුගේ දින පොත - Life In Mannar
අද හතර වෙනිද. මම මෙහාට ඇවිත් අදට දවස් දහ නමයක් වෙනව. මෙච්චරක් දවසක් තිස්සෙම මොන මොනව හරි ලියන්නං,ලියන්නං කියල හිටියත් එකේක වැඩ නිසා මඟෑරිල යනව. අද නිදහස් දවස. ඒ නිසා අද නිදහසේ මේක ලියනවමත් නෙවෙයි. අදත් වැඩ. ඒත් මොනවහරි ලියන්න වෙනදට වඩා ඔළුවට නිස්කාංසුවක් දැනෙනව.
![]() |
| හොඳට බැලුවොත් ඈත මන්නාරං පාලම පෙනේවි. මේ ඔපීසිය ඉස්සරහ ඉදං.. |





