Thursday, September 25, 2014

වැහි බිංදු

වැහි නැති දවසක
අව්ව මුවා කල
උඹෙ කුඩය
එක අනෝරාවක
වෙන කාගෙද අතක
මං ගැන ගානක් වත් නැතිව
තෙමුණ අපූරුව....



ප.ලි- ජංගම සටහන්

Monday, September 15, 2014

ස්මරණ 12- බඩජාරියෝ

                                                              අලින්ටයි ළමයින්ටයි දගලන්නමයි හිත යනුවෙන් කියමනක් ඇත. එලෙසින්ම අතට අහුවෙන අහුවෙන දේ කටේ දමාගෙන එහි රස හෝ සවි ශක්තිය බැලීමද මේ අයගේ පුරුද්දකි. පොඩි වුන්ට නිතරම මොනවා හෝ දෙයක් හපන්නට ඇත්නම් ඊට වඩා දෙයක් නැත. අප පොඩි කාලයේද එසේ වන්නට ඇත. එහෙත් අපට කන්නට ලැබුනේ වැඩිපුරම ගඩා ගෙඩිය. අදද ඒවායේ රස සුවඳ දිවට නැහැයට  දැනෙන්නාක්  මෙනි. එලසින්ම අදද කොතැනදි හෝ ගඩා ගෙඩියක් දුටුවිට එය කා දමා ඉවරයක් කරන්නට දිව-කට නලියන්නේද මේ හින්දාම වෙන්නට ඇත.

Wednesday, September 10, 2014

වරද...

අලුත් වැස්සකට හිත පුරා
ගත තෙමාගත් බොල් පොළව
දිය කඩිති මඩ කඩිති ගත පුරා තියාගෙන
ආකාසෙට හිනාවෙන වෙලාවක
හිතේ හැටියට අයිස් වැහි  වතුරෙන්
සල්ලි නොගෙවම නාගත්ත
කුසුමා ඔති ගෙ කැහැටු කොල්ල අපේ ගේ ඉස්සරහ
වෙව්ල වෙව්ල හිනාවීගෙන

Friday, September 5, 2014

06 09 13 - 06 09 14

හුස්ම වැටෙනා වසක් ගෙවුණා
සතුටු කවි කතා අතරේ
මොහොතකට ජීවිතය රැදුණා...

එදා වගෙමයි
ළිහිණි කැල අදත් සරණා
අදත් නොවෙනස්
පහන් කන්දත් එහෙම තිබුණා...

Thursday, August 28, 2014

ආධුනිකයා- 02

රඹෑව.. ගෝනගම්පිටිය... මගුලයි... වේ බිල ඒ රෙද්ද හදන්නත් එපැයි... මොකාද දන්නෑ කොන්දොස්තර කම ලේසී කියපු පෙරේතය..
හය.. විස්ස.. කීයද විසි හයයි... හතලිස් පහයි.......................................එකසිය අසූ අටයි .......................................... හයසිය පනහයි.... මේ කීයද.... පනස් හතද.. තිස්හතද... මොන මගුලක් ලියලද මංද... ඉදකිං ඒක හරියට ලියාගන්න බෑනෙ... තිස්සත වෙන්නැ....

                                                        ******************

Monday, August 25, 2014

ස්මරණ 11- අපේ කිරිකොට් ii (බෝලේ...... පෙප්සි බෝලේ....)

                                                                  බෝලෙට බෑට්(????) එකෙන් පත බෑ කළ එය ගසක රැදුණු විට හෝ ඇළට වැඩී පහලට ගසාගෙන යන විටක හෝ යළි බෝලය පිටියට රැගෙන එන තෙක් ලකුණු සදහා කකුල් කඩා ගෙන දිවූ දිවිල්ල පාසලේදී සිදුනොවීය.  නමුත් ඊට වඩා වෙනස්  නීති  රීති හා වෙනස් ආකාර ක්‍රීඩා රටාවක් අප පාසලේ අනුගමනය කලෙමු. පාසල් විවේක වේලාවන්  සීමිත බැවින්  පිල් බෙදී ක්‍රීඩා කරන්නට තරම් හැකියාවක් අපට නොලැබුණි. එහෙත් එසේ නොකළා කියන්නටද අපට නොහැකිය.

Thursday, August 21, 2014

ආධුනිකයා.

වෙලාව හරි... යං නේද  චන්දරේ අය්ය...

හ්ම් යමං... ටිකට් ටික හරිද...

ඔව්... නැගල ඉන්න හැම කෙනාටම ටිකට් කැඩුව...

අද උඹ ගෙදර යනවද...??

ඔව් චන්දරේ අය්ය.. මාස එකාමාරක් විතරැති නෙ. තාම ගෙදර යන්න බැරිවුණා... අම්මත් ඇහුව ඇවිල්ල යන්න එන්න බැයිද කියල....

Monday, August 18, 2014

ස්මරණ 10 - සුද්දන් කිරිකට් ගසද්දී අප ක්‍රිකට් ක්‍රීඩා කළෙමු.

                                                                           "මෙලොව වාසය කරන සියල්ලෝම යමක් බලාපොරොත්තු වෙති. නමුත් සෑම දෙනාටම ඔවුන් ප්‍රාර්ථනා කරන ආකාරයේ දේවල්ම හමු නොවෙති. ඔබට අවශ්‍ය නිවෙසක් නම් ඔබට ඉඩමක් ලැබී යා හැක. තවකෙකුට ඊට හාත්පසින්ම වෙනස් වූ ආකාරයේ වස්තුවක් ලැබී යා හැක. අපට අවශ්‍ය කාර්යය අපට ලැබෙන දේ අනුව ඉටුකර ගැනීමට අපි උත්සාහවන්තයන් විය යුතුය. සමහරුන් බලාපොරොත්තු වෙති. ප්‍රාර්ථනා කරති. නමුත් වෙහෙස වී ඒ සදහා වැඩ නොකරති. නැතහොත් තමුන්ට ලැබෙන දේ කපා ඔප මට්ටම් කර ගැනීමට නොසිතා එය ප්‍රතික්ෂේප කරති. දෛවය අප බලාපොරොත්තු වූ දේම අපට ලබා නොදෙයි. අපට ලැබෙන දේ අනුව පිරිමසාගැනීම ට අප උවමනාවන් එමගින් ඉටු කරගැනීමට අප ප්‍රඥාවන්ත විය යුතුය. ඉලක්කය සාක්ෂාත්  වන්නේත් අපට අවශ්‍ය ආකාරයටම අප කාර්යය නිම වන්නේත් එහි වටිනාකමක් අපට දැනෙන්නේත් එවිටය. සරලය. නමුත් ගැඹුරුය. තේරුම් ගැනීම අත්‍යාවශය ය."

Thursday, August 14, 2014

කවියක් නැති කවි හිතක්...

උඹට කියන්නට බැරිව
ඉතුරු වුණ කවියක්
තියනවා තවම හිත කොණක
අකුරක් උඩ වැතිරෙන දිනය හිත හිත...