Tuesday, November 18, 2014

ස්මරණ 15- කලාබර හේරෙක්...

කිව්වට කලාබර
නො වෙයි කලාවට බර
වංස හතර ම අඳුරන
හේරත් ය උප්පැන්නෙ නම ......

කුට්ටමේ කොල පනස් දෙක
නෑයන්ටත් වඩා අඳුරන
ළඟ නැති වෙලාවට
කලාබර හේර වුන

Monday, November 10, 2014

හිණිපෙත පාමුල ට වී මොහොතක්...........

                                                                                       ද උදෑසන ම ම වෙත අපූරු පාර්සලයක් ලැබිණ. ශ්‍රී ලංකා ගොළුබෙලි තැපෑලට පිං සිදු වන්නට පසුගිය මස තිස් වෙනිදා දින තැපැල් කරල ලද එය ම අතට පත් වූයේ අද ය. එහි වූයේ කවි පොතකි. හරි අපූරු කවි පොතකි. මගේ ඉල්ලීම නිසාම නුවන්  තොටවත්ත යන් විසින් එය ම වෙත එවා තිබිණි. අතට ගත් සැණින් ම පසෙ කට වී එය කියවන්නට වූ මට දැනුණේ හරි අපූරු හැඟුම් සමුදායකි කෙදිනක හෝ පොතක් කියවූවා මිස විචාරයක් හෝ ඒ පොත ගැන සටහනක් තබන්නට උත්සුක නො වූ මට හිණිපෙත පාමුල සොඳුරු බලපෑමක් සිදු කලේ ය. මුහුණු පොතේ සැරිසරන්න වුන් නම් නුවන්තොටවත්ත කවියා ගැන නො දැන සිටින්නට අවස්ථාවක් නොමැති බව මගේ හැඟීමයි. කවියෙකු වෛද්‍යවරයෙකු ලෙස විනා මා ද ඔහු පිළිබඳ ව දන්නා අන් යමක් නැති තරම් යැයි කිව හැක. මීට පෙර කැළුම් විජේරත්න සහෘදයා විසින් සිය මිතුරා වෙනුවෙන් ඔහුගේ වියුණු අඩවියේ සටහනක් තබා තිබිණි. එපමණකි...

Tuesday, October 28, 2014

කවිකාරියක සිත......

හිරු පායා බැස ගියාට
නැඟිලා සැඟවුණාට
අපි ඒ වගෙ නෑ..........

නිල් ගුවනත කළු වුනාට
එහි විහඟුන් සැඟ වුනාට
මං දන්නව ඔබ කවදත්

Monday, October 20, 2014

ස්මරණ 13- වධකයෝ...

                                                                      කුඩා වන් නිතරම සිටින්නේ කුතුහලයෙනි. තමන් දකින තමන්ට පෙනෙන ඕනෑම දෙයක් පිළිබඳ හාර හාරාවුස්සා බලන්නට දැනගන්නට උන් කැමතිය. අප ඒ කුතුහලාත්මක කාලය පසුකර  තිබුණද ඒ කාලයේ පුරුදු වූ යම් යම් පුරුදු වලින් අත් මිදෙන්නට හැකි වූයේ අල්ප වශයෙනි. මින් කිසිවකුට හෝ කරදර නො වී යැයි කියන්නට මට නො හැක... අද ද පාරේ යන විට පොඩි උං දකී නම් උං කරන කුමක් හෝ විකාරයක් දෙස නතර වී බලා සිටීමේ පුරුද්දක් මට ඇත. සමහර විට ඒ අපේ ළමා කාලය අප ගෙවූ ආකාරය නිසා වන්නට ඇත.

Tuesday, October 14, 2014

ස්මරණ 12- බඩජාරියෝ ii...

                                                                         තාත්තා වත්තේ වැඩ කරන ගමන් ඊට අමතරව අයට ලබාගත් ලාස් අටක කුඹුරක් ද  දෙකන්නයටම වගා කළ නිසා අපට හාල් හි නොවීය. එබැවින් අම්මලා පෞද්ගලික වතුයායක අඩු පඩියට වැඩ කලද අපට තුන් වේලටම බත් කන්නට තරම් හාල් තිබිණි. ඉදහිට කාළගුණය හරස් වූ විටක කන්නයක දෙකක අස්වැන්න අඩුවුවද  සම්පූර්නයෙන් නොලැබි ගියා නොවේ. එහෙව් කාලයට කඩේ හාල් වලට මාසයක කාලයක් පමණ මුදල් වියදම් කරන්නට සිදුවුව ද වත්තේ පොල් වලට පිංසිදු වන්නටත් අම්මාගේ පිරිමැස්ම නිසාත් එය එතරම් බරට  නොදැනුන බව මට මතකය. එහෙත් කුඩාවුන් වූ අපට තුන් වේලටම බත් කෑම රිස්සුම් නොදෙන්නක් විය. එහෙත් එලෙස වූවා කියා ඉදහිට ගෙදර තම්බන ඉියාප්පයක් වණ්ඩුවක් හැලපයක් හෝ රොටියක් පුච්චා ගත්තා හැරෙන්නට අප ආහාරයට ගත් වෙනත් ආහාර වර්ගයක් තිබුණා නම් ඒ අහම්බයෙනි. උදේට කවදා හෝ දිනෙක පාන් ආහාරයට ගත්තා නම් ඒ කාගේ හෝ මළ ගෙදරක නැතහොත් නිවසින් බැහැරව ඉන්නා වෙලාවක පමණි. (පසු කාලයක අම්මා රැකියාවෙන් ඉවත්ව අප කුඩා කල වාසය කල නිවෙසද  කඩා වැටුණ පසු පාර අයිනෙන්ම තිබූ අප කුඹුරට- ඒ වන විට අප අයට කළ කුඹුර සින්නක්කර මිළදී ගෙන තිබුණි- නිවෙසක් තනා පැමිනෙන තුරු මේ පුරුද්ද මෙලෙසම තිබිණ.)

Thursday, September 25, 2014

වැහි බිංදු

වැහි නැති දවසක
අව්ව මුවා කල
උඹෙ කුඩය
එක අනෝරාවක
වෙන කාගෙද අතක
මං ගැන ගානක් වත් නැතිව
තෙමුණ අපූරුව....



ප.ලි- ජංගම සටහන්

Monday, September 15, 2014

ස්මරණ 12- බඩජාරියෝ

                                                              ලින්ටයි ළමයින්ටයි දගලන්නමයි හිත යනුවෙන් කියමනක් ඇත. එලෙසින්ම අතට අහුවෙන අහුවෙන දේ කටේ දමාගෙන එහි රස හෝ සවි ශක්තිය බැලීමද මේ අයගේ පුරුද්දකි. පොඩි වුන්ට නිතරම මොනවා හෝ දෙයක් හපන්නට ඇත්නම් ඊට වඩා දෙයක් නැත. අප පොඩි කාලයේද එසේ වන්නට ඇත. එහෙත් අපට කන්නට ලැබුනේ වැඩිපුරම ගඩා ගෙඩිය. අදද ඒවායේ රස සුව දිවට නැහැයට  දැනෙන්නාක්  මෙනි. එලසින්ම අදද කොතැනදි හෝ ගඩා ගෙඩියක් දුටුවිට එය කා දමා ඉවරයක් කරන්නට දිව-කට නලියන්නේද මේ හින්දාම වෙන්නට ඇත.

Wednesday, September 10, 2014

වරද...

අලුත් වැස්සකට හිත පුරා
ගත තෙමාගත් බොල් පොළව
දිය කඩිති මඩ කඩිති ගත පුරා තියාගෙන
ආකාසෙට හිනාවෙන වෙලාවක
හිතේ හැටියට අයිස් වැහි  වතුරෙන්
සල්ලි නොගෙවම නාගත්ත
කුසුමා ඔති ගෙ කැහැටු කොල්ල අපේ ගේ ඉස්සරහ
වෙව්ල වෙව්ල හිනාවීගෙන