Thursday, July 3, 2014

කවි ටොක්ක- කෙලෙස්

1.  සුභ නැකත් බැඳ
     පහන් පැළ වැඳ
     බුදු වදන් කොදුළ
     රැඩිකල් උපාසක
     බුදුන් අමතකව
     මදු ඔඩම් ගෙන මත්ව
     පුළුටු හපමින්
     චිරත් කල් වැජඹෙවැයි
     අසිරි ඇසුවේය....





 2. බුදු පුත්හු වැඩ
     අමා දම් දෙසන සද
අසත් කුලයේ
මනු පුතණු
බඩවැටියක් අස
බිදියි සිල් පද
සුර සැප සොයන්
අපා දොර මස්තකව.....



3.  සිල් පද පසම
     ඔතප් හිරි නැතිව බිඳ
     ගත උපසපන් මුත්
     සිත උපසපන් නොකළ
     සඟ නම..,
     වටපතක මුවාවේ
     දම් දෙසයි
     උපාසකම්මලාගේ
     ළය මත්තෙහි
     නෙත් සඟල
     අනිමිසව තබාගෙන...
      
              

51 comments:

  1. පට්ට බං…

    බණ තලමින් බණ දෙසීම…… :) :)

    ReplyDelete
    Replies
    1. හැක්... එහෙමත් කරවද අපේ උත්තමයෝ ;)))

      Delete
    2. @ප්‍රියෝ වස් වදී බලාගෙන ඈ...
      ස්තූතියි මචෝ

      Delete
    3. @ සහෝ...
      ඒකනෙ..
      අපේ උත්තමයො සත්ගුණවත් සුපේසිත අරක මේක ඔක්කම..
      නැද්ද ඈ
      හික්ස්

      Delete
    4. ප්‍රියා වචනේ කියා ඇත..... අන්න කතාව........ හැක්

      Delete
    5. හැක්...
      කතාව නං කතාව නැද්ද

      Delete

  2. උපාසකම්මා ඉපදුනු හීන කුලේ
    මහන කරන්නයි යන්නේ ඇගේ කොලූ
    ඌට නිකායක් වෙන් කොට තබා තිබේ
    අපෙ මුනි බනේ ඒකද හාමුදුරුවනේ

    පිරිත් නූල් බදිමින් ජන හතුරන්ට
    යතුරු කැරලි අදනය යට ගසාගෙන
    අපවත් වෙන්න පෙර සහලේ ඥාතිවරු
    මහන කරන එකදැයි මුනි බනේ ගරු

    කුනු හෝදන්න මහ තැන් වල අපේ රටේ
    පන්සල් තමන් යැයි කි හොද වෙල්ලාව
    ටිකට් විකුනලා පෙරහැර කරනකොට
    කරඩු‍වෙ ඉදිවිද ධාතුන් වහන්සෙලා

    රට දැය සමය රැකගත්තේ චීවරයයි
    රට දැය සමය සුරකින්නෙත් චීවරයයි
    එවන් සසුන සමහර හිමිවරු නසති
    කුල ගොත් ඥාති නිල තල සංග්‍රහ සොයමින්

    කුඩාපොල වගේ විරු හාමුදුරුවරු
    අදත් අපි අතර හිද මේ ලෙස කියති
    රට කන උන්ව වනසා රට දැය රැකුම
    තමයි අපේ අද දවසේ මහනකම!

    පද රචනය - සුනිල් ආරියරත්න
    ගායනය - නන්දා මාලිනී

    ඔන්න ඔහොමයි අපේ සඟ ගන වැඩ කිඩ!

    ReplyDelete
    Replies
    1. අඩේ මෙහෙම සිංදුවක් තියෙනව කියල දන්නෙත් දැං...
      ස්තූතියි මනෝ...
      මං මේක හොයන් අහල බලන්න ඕන

      Delete
    2. මෙතනින් ගන්න..

      http://topsinhalamp3.com/songs/nanda-malini-mp3-songs/upasakamma-ipadunu-heena-kule-mp3-song.php

      Delete
    3. තැන්කියු මනෝෂ්

      Delete
    4. මනෝෂ්.......ඔය කවිපෙළ ලිව්වේ .රංචාගොඩ ළමයා' නමින් ඇත්ත පත්තරයට ලියූ සිරිලාල් කොඩිකාරයන් මගේ හිතේ. සංගීතය ඔස්ටින් මුණසිංහයන්ගේ.

      Delete
    5. මනෝෂ් ඉතින් ගැලපෙන ම ගීතය කියනවානේ............ නියමෙට යනවා මනෝෂ්.......

      Delete
    6. මනො තැංකියු ඈ...
      @කුරුටු ඒක නං ඇත්ත...
      මනෝෂ් කියන්නෙ සිංදු ලයිබ්‍රියක්

      Delete
    7. @ අරූ අය්ය
      රංචාගොඩ ළමය කියන්නෙ පිරිමි කනෙක්ද..
      මං හිතං උන්නෙ ගෑණු කෙනෙක් කියල
      ඇයි දන්නවද...

      මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
      ***** රටට මා දීලා උලව්වේ
      දෙමට පොතු කකා කට හම යන්නා යේ
      හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ...

      ඔන්න ඕය කවිය හංද

      Delete
    8. මහේෂ්....මේ කෙටි ලිපිය කියවන්න සිරිලාල් කොඩිකාරයන් ගැන. ඔහු ඉතා වටිනා මිනිසෙක්. ඇත්ත පත්තරයට රංචාගොඩ ළමයා නමින් ලියන කාලේ තදින් විවේචනාත්මක දේ ලිව්වා. ඉස්සර ප්‍රේමදාස ලොක්කා ගී ලිව්වා එයාගේ නමින්. . නමුත් ඒවා ලිව්වේ ඩෝල්ටන් අල්විස් මහතා බව ෆීල්ඩ් එකේ කතා වුනා.ඔය ගැන මා දන්නා තොරතුරුත් තියෙනවා. පස්සේ ලියන්නම්. මේ සිරිලාල් කොඩිකාරයන් ඒ ගැන ලිව් උපහාසාත්මක සටහනක්, . ඔහු දැන් ඉතාම වයෝවෘද්ධයි. කේමදාසයන්ගේ මානසවිල නිර්මානය සිරිලාල් කොඩිකාරයන්ගේ ලිවිල්ලක්. පසන් කොඩිකාර ඔහුගේ පුතෙක්.

      ඇත්ත රංචාගොඩ ළමයා ගැහැණු කෙනෙක්. මේ ලිපිය කියවපන් මේ නිර්භීත මිනිසා ගැන. අත හරින්න එපා.

      රංචාගොඩ ළමය සිරිලාල් කොඩිකාර

      Delete
    9. ස්තූතියි ...
      අනිවා කියවනව...
      මං මේ වගේ තොරතුරු දැනගන්න හරි කැමතී...
      කොහොමත් අත අත නෑර කියවනව

      Delete
    10. මහේෂ්ට අර වටිනා ගීය වගේම මහේෂ්ගෙ මේ නිමැවුම මා දුටවේ මේ දැන් මේවා සැඟව තිබීම තමයි සාමාන්‍ය ස්වභාවය ! විඳීමට ඉඩ නොදී විඳවමින් ඉන්නයි වැඩ සැලසීලා තියෙන්නෙ නේදැයි අසන්නට මහේෂ් සහ මේ මිතුරු කැළ වෙතින් විමසන්නට අවසර

      Delete
    11. ඔබේ පැසසුමට ස්තූතියි...
      මගේ හිතට දැනෙන දේ ලියනවා එපමණයි
      වෙනසකට තියෙන්නෙ හොදම දේ පමණක් බෙදා ගැනීමයි...
      ස්තූතියි ඔබට

      Delete
    12. අගේ ඇති ටොක්ක - හැබැයි වැදෙන්න ඕන තැන්වලට පෙනෙනවාදැයි සැකයි.

      Delete
    13. වැදුනත් දැනුන්නෑ වගේ ඉන්නෙකේ නොපෙනුනා කියල ඒ හැටි වෙනසක් නෑ අනේ

      Delete
  3. මේකනම් සිරා ටොක්කක්! පට්ටයි! :)

    ReplyDelete
  4. මෙක නානසාරට කවුරු හරි මෙලක් දාහල්ලා ...පට්ට බන් ...

    ReplyDelete
    Replies
    1. එන්න ඔන්න ඉතිං මට ගම රට නැති කොරන්න හදනව...
      හැක්...
      ස්තූතියි සහෝදර තුමා

      Delete
    2. අඩෝව් .......... සහෝදර තුමා.////.කවුද බන් තුමා ....

      Delete
    3. හුගකාලෙකින් කීවෙ නෑ නෙව ඒකයි...
      හැක්

      Delete
  5. ටෝක්කක්ම තමා මේකනම්

    ReplyDelete
    Replies
    1. ඒකනෙ...
      ස්තූතියි ඉවාන් අය්යෙ

      Delete
  6. සුපිරි සිතුවිල්ලක් මහේෂ්.නියමයි.

    ReplyDelete
  7. සුපිරි අයිඩියා එකක්!

    ReplyDelete
  8. හහ් හහ්.... නියමයි මහේෂ්....

    බණ දෙසීම... සහ බන තැලීම..


    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැක් හැක්...
      ස්තූතියි විදානෙ

      Delete
  9. කියන්න දෙයක් නැහැ .....හරියටම හරි...නියමෙටම නියමයි.

    ReplyDelete
    Replies
    1. කතට වෙලාවට
      මරු ටොක්ක..
      ස්තූතියි අරූ අය්යෙ

      Delete
  10. හිකිස්. මරු ටොක්ක..තරු විසි වෙන්නම ඇන්නා..

    ReplyDelete
  11. කාලෙට තා‍ලෙට ගැළපෙනම විදිහ‍ට රිදෙන තැනටම ඇනල තියෙන්නෙ ටොක්ක.
    කොල වල ප්‍රින්ට් කරල බෙදන්න වටින කවි ටික මහේෂ්.
    හොදම එකෙත් හොදම එක .

    ReplyDelete
    Replies
    1. ඒ වචන ටිකත් ඇති වැහිළිහිණි...
      ස්තූතියි ගොඩක්

      Delete
  12. නියම ටොක්ක කාලේ හැටියට.. එල බං..

    ReplyDelete
    Replies
    1. හිහි...
      ස්තුතියි දිනේෂ් අය්ය

      Delete
  13. ලස්සන කවි සිතුවිල්ලක්... නියමටම දීලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග අය්ය
      සෑහෙන දවසකින්

      Delete
  14. මහේෂ්....................

    පන්සල් ගැන ම කවියක් දාන්න ගිහිල්ලත් තමයි අද අපි වෙන මාතෘකාවකින් පෝස්ට් එකක් දැම්මේ. නැත්තම් දාන එක මීට ගොඩක් සමීපයි.. හෙට අනිද්දා ඒක දාන්නම්කෝ............

    කවි ටිකනම් පංකාදුයි.....................

    ReplyDelete
    Replies
    1. දාමුකො එහෙනම්..
      කුරුටු ල වෙලාවකට පට්ට කවි නෙව කියන්නෙ...
      ස්තූතියි කුරුටු

      Delete
  15. නියම ටොක්කක්.. හි. හි..

    ReplyDelete
    Replies
    1. හිහි...
      ස්තූතියි තුෂානි

      Delete
  16. කලින් බණක් වගේ දෙසල තියෙන්නේ......
    හුගක් අර්ථවත්.... රසවත් නිර්මාණයක්.....

    ReplyDelete
    Replies
    1. ඔයාව හම්බ උනාට ඔයාගේ බ්ලොග් එක අද හම්බ උනේ....
      යන්න හදද්දී නම දැකල රිවර්ස් කරලා, අයෙත්, කමෙන්ට් කලා..... ලස්සනයි නිසදැස මහේෂ්.....

      Delete
    2. අවන්හලට සාදරයෙන් පිළිගන්නව
      ස්තූතියි නිහිංසා....
      එන්න හැමදාම...
      ස්තූතියි අදහස් බෙදාගත්තට

      Delete