Thursday, July 31, 2014

අහස සේ ඔබ අනන්තයි....

මං බයවෙයි...

ඒ දිලිසෙන ඇස්  මං දිහාම බලාගෙන...  මං රැව්ව... ඈ බය නැතිවම තවමත් මං දිහාම බලාගෙන..

මං බයවෙයි...

ඈ මට සත්තම දානව... මං හිනාවුණා...

මං බයයි...

ඈ ඇස් විසල් කරගෙන මගෙ ඇස් වලට එබුණ...

ඇයි... ඔයා වගේ මං නපුරු නෑ....

නෑ ඔයා  නපුරුයි... මටත් වඩා... මේ හැම දේකටම වඩා... ඔව්..... ඔයා නපුරුයි...

ඒ විසල් ඇස් මං දිහාටම එබෙනව.... එතකොටයි මං දැක්කෙ ඒ ඇස් පිහාටු අග ළා තෙතක් මෝදු වෙනව ...

මං කවද්ද නපුරු කම් කලේ.... ඈ නොඅඩා අඩනව...

හැමදාම හැම මොහොතකම... මේ දැනුත්....

තුන වසරෙ පුංචි එකියක් ටීචර් දිහා බයවෙලා බලං ඉන්නව වගේ ඇස් දෙක ලොකු කරන් ඈ මං දිහා බලන්... ටික වෙලාවකින් ඈට හිනාවක් ගියා... තුනී හිනාවක්.. ඒ ඇස් කදුළු  ගිලගෙන හිනාවෙනව...

මෝඩය...

පපුව මැද්දෑවට පහරක් ගහපු  ඈ මගෙ පපු මැද්දෑවටම තුරුළු වුණා...

තඹල පාට කෙස් රැල්ලක් දිගේ මං ඇගිලි ගෙනිච්ච... මට ඇහෙනව ඇගෙ හදගැස්ම.. හරියට ඔඩොක්කුවෙ 
ගුලි වෙලා ඉන්න පූසියක් පුරු පුරු ගානව වගේ...

පූසියක්ද මංද...

ඇයි...

නෑ නිකං...

අනේ....

අපේ පූසිත් ඔහොමයි... තුරුල් වුණාම පුරු පුරු ගානව...

අනේ පලයං යන්න....

කෝ ... කෝ ඉතිං...

මොකද්ද...

මට යන්න කීවෙ....

යන්න කීවෙ ඇත්තටමයැ පිස්සො... ආදරෙටනෙ...

ඔව් මං පිස්ස.... මොකටද එහෙනං පිස්සොත් එක්ක ඉන්නෙ....

මට ඕන හංද....

එහෙනං අංගොඩ ට යන එකනෙ ඇත්තෙ....

එහෙ මේ පිස්ස නෑනෙ...

මට කොච්චරක් ආදරේද...???

හදිස්සියේම ඈ අහනව...

මෙච්චරක්...

මම මහපටැගිල්ලෙ  නියපොත්ත පෙන්නුව...

ඒ ඇති....

ඈ කියනව... මට දුක හිතුණ..

ඇත්තටමද..

හ්ම්....

මට වෙන කෙල්ලෙක් ඉන්නව...

කමක් නෑ...

ගෙදරිනුත් එයාට කැමතී... අම්මල කියනව එයාවම  බදින්න කියල...

කමක් නැ....

ඇයි..

ඔයා මට ආදරෙයිනෙ...

ඒ වුණාට ඔයාට වඩා මං එයාට ආදරෙයිනෙ....

හ්ම්....

ඇයි...

ඔයා මට ටිකක් හරි ආදරෙයිනෙ ...

ඈ මගෙ අත තුරුළු කරන් කියනව.. ඒ සියුමැලි අත් මගෙ මහපටැගිල්ල පිරි මදිනව... හිත කඩං වැටෙන්න 
වගේ...

දුක නැද්ද..

නෑ...

ඇයි....

ඔයා මට මෙච්චරක් හරි ආදරෙයිනෙ ඒ ටික ඇති මට ජීවත් වෙන්න....

මගෙ මහපටැගිල්ල කොනහන ගමන් ඈ කියනව...ඒ ඇස් වලින් කදුලක් පනින්න වගේ හදනව...මේ හිත විහිළුවට හරි රිද්දන එක පවක්...

පිස්සි... පිස්සු කියන්නෙ බොරුවටයැ... උඹට ඇරෙන්න මං වෙන කාට ආදරේ වෙන්නද රත්තරනේ...

හිත ඒ ආදරෙන් පිරිල වාං  දමද්දි මං ඈව තවත් තුරුළු කරගත්ත...





         "අහස සේ ඔබ අනන්තයි 
         සයුර සේ ඔබ අනන්තයි 
         මේ විශ්වයේ මා දකින්නේ
         ඔබම පමණයි
         ඔබ අනන්තයි"




46 comments:

  1. හප්පා පපුවටම දැනුන.ලියල තියෙනව ලිවිල්ලක් ආයෙ ලෝබ නැතුවම පපුවටම වදින්න..
    නියමා...........................යි

    ReplyDelete
    Replies
    1. හුරේ අද මමයි එක :D

      Delete
    2. මේ අවන්හලේ එක උනාම මල්ලක් පුරවලා කෑම දෙනවා (විහිලුවක් ) :D :D

      Delete
    3. අගය කළාට ස්තූතියි දිලිනි...
      අනේ මේ වගේ පුංචි බ්ලොග් එක්ක එක වෙනව කියන්නෙ මොකද්ද...
      හරියට කොමෙන්ටුවක් වත් නැතිව...

      @සහෝ...
      ඔව් ඒක විහිළුවක් හින්දම හොදයි...
      නැත්තං මේළමයට මට කෑම එකක දෙන්න වෙයි... :D :D

      Delete
  2. මටත් සු@@@@@ ගහලා ඇදේ ඉදන් උඩ බලන් ඉන්න වෙලාවට මෙහෙම හිතෙනවා බන් එක ඉවර එනකොට මතකත් නෑ ,මේ වගේ කෙදිරි ගාන එවට මගේ කැමැත්තක් නෑ බන් එත් කියෙව්වා ,කලින් එකත් මග හැරිලා ...එක ලබන මාසේ කියවන්නම් ..
    ජය

    ReplyDelete
    Replies
    1. හැමදාම එකම ඒව ලියලත් හරියන්නෙ නෑ නෙව..

      හිහි...
      ඕ වගේ ඒව නං නිතරම හිතෙනව ඇති නේහ්

      Delete
  3. මේකනං සුපිරියි මහියො..

    ReplyDelete
  4. ආ ඔය තියෙන්නෙ. මැවිලා පේනවා අප්පා. සරලයි, බොළඳයි, සුන්දරයි. මේ බොළඳ බව ජීවිතේ හැමදාම රැඳෙනවානම්..

    ReplyDelete
    Replies
    1. එහෙම ඉන්නත් ආසයි නේ

      Delete
  5. ආදරේ හැටිත් හරි පුදුමයි . සුන්දරයි ...

    ReplyDelete
  6. ලියවිල්ලත් සුන්දර යි ගීතය වගේ ම....

    ReplyDelete
  7. ලස්සනයි! ( හැබැයි ඉතිං මට මේ ජාති එච්චර තේරෙන්නෑ! :) )

    ReplyDelete
    Replies
    1. ඈ...............
      ඒකනං චැක් කොරල බලන්න ඕන දෙයක්

      Delete
  8. හාකෝ... දැන් මම කල්පනා කළේ හිතුන දෙවල් වලින් කෝකද ලියන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා ඔයා මට වඩා හොදට ලියනව නෙව..
      මක්ක ලීවත් හොදට තියෙි

      Delete
  9. ඇඩෙනවා බං.. එල..

    ReplyDelete
  10. පට්ටයි බොල. ආදරය මහ පුදුමාකාර දෙයක්…!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ...
      ස්තූතියි ප්‍රයා මචෝ

      Delete
    2. ප්‍රියා කෙප්ප කෙලින එපා බං - උඔට මොන ලව්ද

      Delete
    3. හිහි...
      ඒකනෙ ඒකනෙ

      Delete
  11. බොක්කටම වැදුනා. එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංජීව...

      Delete
    2. බ්‍රා කිව්වොත් මෙන්ඩිස්ම තමයි"

      හැඩට අඳින්න ගන්න "මෙන්ඩිස් බ්‍රා"

      (ලඟම ඇති වෙළඳ සැලින් - අදම වෙන්නකරවා ගන්න)

      අඳින්න ලේසියි - ඇන්දම පහසුයි :D

      මෙන්ඩිස් බ්‍රා !!!!!!

      Delete
    3. හිහි...ඒක නං ඇත්ත මේ මනුස්සය අපිට නොකීවට බ්‍රා අදිනවද දන්නෙත් නෑ...
      නැත්තං කෝමද ඔච්චර විස්තර දන්නෙ

      Delete
  12. නියමයි හොඳේ... වදින්නම ලියලා තියනවා

    ReplyDelete
  13. මල්ලි නියමයි බං ....හිතුනු දේවල් ගොඩයි දවසක කියන්නම් .

    ReplyDelete
    Replies
    1. කියන්න කො මං අහන්න බලාගෙන ඉන්නව.... :)
      ස්තූතියි ශානු අක්කා

      Delete
  14. නියමයි මහේෂ්............... නිදහසේ ගලාගෙන යන නිර්මාණයක්... අගෙයි.

    ReplyDelete
  15. බොක්කටම වැදුනා මහෙෂ්.................................................
    එලම තමයි....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  16. ඇත්තමයි ගොඩක් දැනුනා හිතට....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට

      Delete
  17. ඇත්තටම හදවතට දැනුනා බං...මට අතීතයේ ආදර සබදතා තිබුනට ඔය තරම් සුන්දර දවස් මට තිබුනෙ නෑ. මමත් චිත්ත රූපයක් මවාගෙන මේ කථාවෙ ආදර වන්තයා උනා. කෙල්ලෙක් සැට් කරගන්න සෑහෙන්න චාටර් වෙන්න උනත් සැට් උනාට පස්සෙ නම් පණ පුදලා ආදරය කරනවා නේද බං....බොලාගෙ අත්දැකීමක්ද ?

    ReplyDelete
    Replies
    1. මට ආරෝපණය කරගෙන ලිව්ව විතරයි...
      මගෙ තියෙන කුප්ප ගති ටික නං ලොස් නැතිය යූස් කලා..
      එච්චරයි... ඇත්ත නොවේ...
      ස්තූතියි සිරා අය්ය අගය කලාට

      Delete
  18. Replies
    1. පැණි බාල්දියයි නේහ්

      Delete
  19. මහේෂ් හැමදාම මගෙ බ්ලොග් එක පැත්තෙ ආවට මමනම් අදමයි ඉස්සෙල්ලම මෙහෙ ආවෙ. පට්ට බං. වෙලාවකට හිතුනට ඔව්වා කොච්චර බොලද තේරුමක් නැති දේවල්ද කියල, ඒ වෙලාවට අමුතුම මෙව්වා එකක් තියෙනව බං ඒ ඇතුලෙ. ඇත්තමයි. දිගටම එන්නම්. උඹට ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුම්...
      සාදරයෙන් පිළිගන්නව අවන් හලට...
      අපි බොළදයි බොළදයි කියන දේ ඉස්සරහ අපිටත් දවසක් බොළද වෙන්න වෙනව සහෝ..
      ඒක තමා ජීවිතේ...
      ස්තූතියි ආයෙමත්...
      උඹේ වචන ටිකත් මට හයියක්

      Delete
  20. මුලින්ම මේක මම ආසම සිංදුවක්..:)
    අනික් කතාව අපි සමහරවෙලාවට බොළඳයි කියලා ප්‍රසිද්ධියේ පිළිගන්න අකමැති දේවල් තියෙනවනේ..අන්න ඒවායේ තියෙනවා වෙනස් සුන්දරත්වයක්..ඇත්තම කිව්වොත් තගෙක් වුණත් ඒ බොළඳකමට කැමතියි, හිත යටින්..
    ලියලා තියෙන දෙබස සජීවියි මහේෂ්...ඒ කියන්නේ මෙහෙම එව්වා හිතට දැනෙන්න ලියන්න පුළුවන් හැකියාවක් ඔබට තිබෙනවා...ඒක හැමෝටම කරන්න අමාරුයි..:)

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොමත්ම ස්තූතියි මාව අගය කලාට..
      ඒත් ඔබ කියපුදෙය්ක් තියේ...
      මට අනික් අයට දැනෙන්න ලියන්න පුළුවංද කියල මම දන්නෙ නෑ ඒත් මම මට දැනෙන විදියට ලියනව...
      සමහර විට ඔබට හොදයි කියල දැනෙන්නෙ ඒ හන්ද වෙන්න ඇති..
      ස්තූතියි ආයෙමත්

      Delete