ප්‍රේමකීර්ති රණතුංග මහත්මයගෙ “මුක්කරු ගොඩැල්ල" කියවලා ඉවර කළේ දැං. වෘතාන්තමය සහ ඉතිහාසමය කතා වලට ප්‍රියත්වයක් දක්වන කෙනෙක් විදිහට ප්‍රේමකීර්ති රණතුංගයන්ගෙ නිර්මාණයන්ට මම සෑහෙන්න ඇල්මක් දක්වන කෙනෙක්. නොදන්නා කම නිසා මඟඇරුනු පොතක් දෙකක් තිබුනා නම් හැර ඔහුගෙ සියලුම නිර්මාණයන් හි පිටපතක් මා විසින් අත්පත් කරගෙන ඇති බවට මම විශ්වාස කරනව.
Sunday, May 26, 2024
Saturday, May 18, 2024
සඳ දෙව්ඳුව නොගියේ ම යි කිසි දාක..
"කවියක් වී තොල් පෙති මත මුමුණන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න.."
මන්ද්‍ර ස්වරයකින්.., අලුත් කටහඬකින් ඇහෙන පරණ පුරුදු සිංදුව මාව විස්මපත් කළා. ඒක හරියටම එයා කැමති විදිහමයි. ඒ තාලෙමයි. මම හිටියෙ කාර් එකේ කෑගල්ලෙ ඉඳන් නුවර හරහා අත්‍යාවශ්‍ය ගමනක යෙදෙන ගමන්. හරියටම බෝගම්බර වැව රවුමෙ. හීන් පොද වැස්සක් වැටෙන වෙලාවක. මට ඉබේටම වම් අත පැත්තෙන් පේන බෝගම්බර වැව් දිය දිහාවෙ බැලුණ. වැහි බිංඳු හරි අපූරුවට වෑදිය මතට හාදු දෙමින්, දිය වෙමින් උන්න.
මේ සිංදුව කියවෙන්න තිබ්බෙ මෙහෙම නෙවෙයි...
Sunday, March 3, 2024
පිටස්තරයෙකුගේ දිනපොත 02 - සැන්දෑ සක්මන්, චණ්ඩිකම්, බයගුළුකම් සහ තල්ලඩි පාලම දක්වා ගමන - Life In Mannar part 02 - A walk to Thallady Railway Bridge.

ගුම්මෝනිං මයිය කොල්ලෝ 😏
මන්නාරමට ඇවිත් මාස එක හමාරකට වැඩිය ගෙවිල. මන්නාරං පරිච්ඡේදයෙ
පළවෙනි කොටස ලියල මාසයක් ගිහිං. ඊට පස්සෙ මොනවත් ලියන්න තරං දෙයක් නොවුණ වගේම, වැඩිය
කොහෙවත් යන්න බැරි වුණා. ඒ වගේම එක දිගට ආව වැඩ, රාජකාරීමය බාධාවන් සහ ඒ රාජකාරී ගමන් වල නීරස
බව නිසා මොනවත් ලියන්න තරං උද්දීපනයක් තිබුණෙත් නැති තරම්. නමුත් මේ උත්සාහය මොනවම හරි ගලපන්න. ඒ වගේම පූර්ව මන්නාරං පරිච්ඡේදය සහ මේ කොටස අතර ඇති කාල පරතරයට සමාව ඉල්ලනව.
Sunday, February 25, 2024
ඇත්තටම, මේ අතුරුදහන් වෙන කෙල්ලන්ට මොකද වුණේ..
Wednesday, February 14, 2024
රැහැයියෙකු ගෙන ආ තෘප්තිමය ආනන්දය - කාලාන්තරාව - THE DRAGONFLY EFFECT
රැහැයියාගේ (බ්ලොගර්ල දන්න විදිහට හෝබෝ ටික්කාගෙ) අලුත් පොත මේසය උඩට පියාඹා විත් බොහෝ දිනක් ගත විය. නව ස්ථාන මාරුව හේතුවෙන් මේසය කොණකට වී ලැග් ගැහෙමින් උන් එය ට කාලතරණය කළ හැකි නම් නැවත එයට හිමි නියමිත තැනටම යනවා ඇත. කොහොම හරි පොත කියවා අවසන් කළේ ඊයේ හවසය. මේ සටහන ලියන්නේ අදය. මොළයට වැටී තිබූ සමනල ගැට ටික ලෙහාගන්නටම බොහෝ වෙලාවක් දෙන්නට සිදු වූ නිසාය.
Sunday, February 4, 2024
පිටස්තරයෙකුගේ දින පොත - Life In Mannar
අද හතර වෙනිද. මම මෙහාට ඇවිත් අදට දවස් දහ නමයක් වෙනව. මෙච්චරක් දවසක් තිස්සෙම මොන මොනව හරි ලියන්නං,ලියන්නං කියල හිටියත් එකේක වැඩ නිසා මඟෑරිල යනව. අද නිදහස් දවස. ඒ නිසා අද නිදහසේ මේක ලියනවමත් නෙවෙයි. අදත් වැඩ. ඒත් මොනවහරි ලියන්න වෙනදට වඩා ඔළුවට නිස්කාංසුවක් දැනෙනව.
![]() |
| හොඳට බැලුවොත් ඈත මන්නාරං පාලම පෙනේවි. මේ ඔපීසිය ඉස්සරහ ඉදං.. |
Saturday, October 28, 2023
කොල්ලා - Finally, The Worm Turns
වැස්ස වහින්නට ඔන්න මෙන්න තිබියදී කඩයට ගොඩවුණා විතරය. ඔළුවට උඩිං ටක ටක ගා කැරකෙන ලොට ෆෑන් කටුව කැරකුණේ හුළං ඕන නං සල්ලි දීපං කියන්නා සේ ය. හරියට කඩේ මුදලාලි වගේය. මුදලාලිත් ඉන්නේය. ඇති වැඩකුත් නැත්තේය. නැති වැඩකුත් නැත්තේය. මුදලාලි ඇතුවත් බැරිය. නැතත් අවුලක් නැත. ෆෑන් එකත් ඒ වගේය. මේ අංග දෙක හෝටලයට නොතිබුණා කියා වෙනසක් වන්නේත් නැති බව නම් විශ්වාසය. වැස්ස හින්දා ද කොහෙදෝ කඩේ ඇතුලේ තිබුණේ අමුතු උෂ්ණයකි. එළියේ සිසිලසක් රැදුණාට හෝටලය ඇතුලට එන්නට බැරිවා වාගේය. නැතිනම් කැමති නැතිවා වාගේය.
Tuesday, October 24, 2023
සුළු නොවන ප්‍රාතිහාර්යය මවනා දෙපාර්තමේන්තුව
අහම්බෙන් වගේ මේ අවුරුද්දෙ බුක් ෆෙයාර් එකට යන්න හම්බුණාට කලිං අවුරුදු වල වගේ මොනව ගන්නද, මොනව කරන්නද කියල කිසි අදහසක්, කිසි සැලසුමක් තිබ්බෙ නෑ කියල කියන එක තමා හරි මං හිතන්නෙ. මොකද මේ අවුරුද්දෙ බුක්ෆෙයා යන්න අදහසක් තිබ්බෙම නෑ. ෆේස්බුක් එකෙන් ඉඳ හිටල පොත් ගැන දැක්කට ඒක කවද හරි ගන්නව කියල හිතුවට, හැමදාම වගේ කම්මැලි කම හින්ද ඒ පොත් වල නමක් වත් සටහන් කරල තියා නොගත්ත එකේ බරපතල කම තේරුණේ ප්‍රදර්ශනය පැත්තට ගියාම. ඒ වගේම කාලෙකින් බුක්ෆෙයා එකේ දැක්ක ලොකුම සෙනඟ කන්දරාව එදා දැක්ක කියල කියන්න පුළුවන්. පුරුදු විදිහට නැතත් පොත් කුටි අතරෙ තෙරපි තෙරපි සැරි සරන ගමං, ගන්නං කියල හිතං හිටපු, ගන්න ඔ්න කියල හිතපු, කාලයක් තිස්සෙ හොයපු සමහර පොත් දැක්කත් කවදාවත් නැතිව ලෙල්ලටම හිඳිල තිබ්බ සාක්කුව නිසා පොත් ගත්තෙ බොහොම පරිස්සමෙන්. ඔන්න ඔය වගේ පොත් කුටි අතර කරක් ගහනකොට තමයි විදර්ශන පොත් කුටියෙ තිබිල හෙල්මලී ගුණතිලකගෙ සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව මුණ ගැහෙන්නෙ.
Saturday, October 21, 2023
Thursday, October 19, 2023
ලේ වවුල්, නරවෘක පරම්පරා තෝම්බුව
මේ දවස් වල ලියන්න කියල ඉඳගත්තට ලියන්න කියල කිසි දෙයක් ඔළුවට එන්නෑ. අර සුප්‍රසිද්ධ රයිටර්ස් බ්ලොක් ලෙඩේ වැළඳිලද මංද. සෑහෙන්න වතාවක් ට්‍රයි කරලත් බැරි වුණ නිසා මං බලපු මූවි එකක් ගැන කියන්න හිතුණ. මහ ගොඩක් නෙවෙයි. මේ දඩෙං බේරෙන්න වගේ. නැත්තං අර ලේ උරා බොන වවුලයි, ඉපදෙද්දි වත් කෙස් ගහක් ආසාවට තිබ්බෙ නැති තට්ටයයි මගෙ ඉතුරු කෙස් ටිකත් ගලවනව.






